• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුතුරාජවෙල පරිසර විනාශයට ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධ බව ජනපති කියයි

5 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නීතිපතිවරයා දන්වා තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනාම සම්පතක් වන මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධතා තිබෙන බව ජනාධිපතිවරයා පැවසිය.

රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම දැවැන්ත පරිසර විනාශය වළක්වාගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රිඩාංගණයේ පැවති “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නිතිපතිවරයා විසින් තමා වෙත දන්වා තිබෙන බවයි.

මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැඟෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද කියා සිටියේය.

පසුගිය 29 වනදා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු “රට වෙනුවෙන් එකට සිටිමු” හය වන වැඩසටහන දින 06 ක් පුරා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර තුන් ලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සලසමින් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් හාරදහසකට අධික සංඛ්‍යාව වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 123කි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන මීට පෙර පුත්තලම, මඩකලපුව, අම්පාර, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කෙරුණු අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන පරිදි ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය, සාමාජීය, පරිපාලන හා පාරිසරික ගැටලු විසදීමට රජයේ දායකත්වය ලබාදීම වැඩසටහනේ අරමුණයි.

ඒ අනුව, මෙම වැඩසටහන මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ග්‍රාමශක්ති, වකුගඩු රෝග නිවාරණ, ඩෙංගු මර්දන, ආහාර සුරක්ෂිතතා, මත්ද්‍රව්‍ය නිවාරණ, දරුවන් සුරකිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා, පරිසර සංරක්ෂණ, ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ යනාදී වැඩසටහන්වලට අදාළ ප්‍රජා මූල සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදයන් ඔස්සේ ජනතාවගේ ගැටලු විසඳීම සිදු වේ. ඊට අමතරව සියලු රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ වෙනත් ආයතන විසින් ඒ ඒ ක්ෂේත්‍රයන් ඔස්සේ ජනතාවට බලපාන ගැටලු සඳහා විසඳුම් ලබාදීමටත්, මුල්‍ය පහසුකම්, ආයෝජන හා වෙනත් ආධාර පිරිනැමීමටත් වෘත්තීය අවස්ථා විවෘත කර දීමටත් කටයුතු කරනු ලැබේ.

අද දින ද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ද ප්‍රතිලාභ රැසක් බෙදාදීම සිදු වූ අතර “ගම රැකුම” සංවිධාන ලියාපදිංචි සහතික පත් ප්‍රදානය, සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 02 බැගින් වූ චෙක්පත් ප්‍රදානය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දිරිය ණය ප්‍රදානය, කෘෂිකර්ම හා ගොවිජන මණ්ඩලයේ ගොවි විශ්‍රාම වැටුප් පොත් ප්‍රදානය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සදහා ණය ප්‍රදානය, “දරුවන් සුරකිමු” වැඩසටහන යටතේ පාසල් උපකරණ කට්ටල ප්‍රදානය, කලායතන වෙනුවෙන් ආධාර පිරිනැමීම, ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය, රණවිරු සේවා අධිකාරිය මගින් පූර්ණ නිවාස ප්‍රතිලාභ ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

“පුනරුදය” පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනට සමගාමිව ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ ව්‍යාපෘති 06 ක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යාලය මගින් ලබාදෙන ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා වෙත පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එමෙන්ම “ස්මාර්ට් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ වගකීම් පැවරීමේ ලිපි ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න, හර්ෂණ රාජකරුණා, චන්දන ජයකොඩි, අජිත් බස්නායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් රැසක් සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පෞද්ගලික අංශය, ග්‍රාමීය ස්වේච්ඡා සංවිධාන, මහජන සුබසාධන ආයතන නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 6
Previous Post

රටට ගැලපෙන කෙනෙක් තමයි අපි දාන්නේ – ඇමැති කිරිඇල්ල

Next Post

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලබා දෙන පොලි අනුපාතයේ කිසිඳු වෙනසක් නැත

editor

editor

Next Post

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලබා දෙන පොලි අනුපාතයේ කිසිඳු වෙනසක් නැත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

1 January 2026
2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

31 December 2025

Recent News

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

1 January 2026
2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

31 December 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved