• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ ආණ්ඩුව තියනකල් රටේ බිං අගලක් විදේශිකයන්ට විකුණන්නේ නෑ – ඇමැතිනි තලතා

22 June 2019
in සංවර්ධන

ගොඩක් අය කෑ ගහනවා අපි රට විකුණලාලු චීනෙට, මේ ආණ්ඩුව තියනකල් මේ රටේ බිං අඟලක්වත් විදේශිකයන්ට විකුණන්නේ නැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසිය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ රත්නපුර ඉඹුල්පේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ නව සමෘද්ධි සහනාධාර හිමිකම්පත් බෙදාදීමේ අවස්ථාවට අද (22) එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරිය මෙසේ අදහස් පල කළාය“ 2015 ජනවාරි 8 වෙනිදා අපේ රජය රට භාරගන්න කොට බිලියන 10000ක ණයක් තිබුනා. අපි ණය ගෙවන වැඩසටහන භාරගත්තා. ඒ කියලා අපි වැඩ නොකර හිටියේ නැහැ. පසුගිය කාලේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගත්තා. අද එහෙම නැහැ. තමන් ජීවත් වන ඉඩම සඳහා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් අපි දියත් කරලා තියෙනවා. ඒ යටතේ ඔප්පු 5000ක් ලබා දුන්නා. ලබන 6 වෙනිදා ඔප්පු ලබා දෙන්න අගමැතිතුමා එනවා. ලක්ෂ 20000 ක වැඩ පහුගිය කාලය තුල බලංගොඩ කොට්ඨාශයට විතරක් කළා. වැඩ කරනකොට අපිට අභියෝග ආවා. ස්වභාවධර්මය එරෙහි වුනා. ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ආවා, බෝම්බ පත්තු වුනා. 2015 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහත්තයා කලින් තිබ්බේ රටේ තිබුනු ණය කන්ද නිසා. මාධ්‍ය නිදහස නැහැ, අධිකරණය ස්වාධීනත්වය නැහැ කියලා අපිව ලෝකයෙන් කොන් කලා. අපිට හැමදාම දුප්පත්කමේ ඉන්න බැහැ. අනිත් අයට අතපාලා ජීවත් වන ක්‍රමය ඉවත් කර ගන්න ඕනි. ශක්තිමත් මිනිසෙකු ලෙස ජීවත් විය යුතුයි. ගොඩක් අය කෑ ගහනවා අපි රට විකුණලාලු චීනෙට, මේ ආණ්ඩුව තියනකල් මේ රටේ බිං අඟලක්වත් විදේශිකයන්ට විකුණන්නේ නැහැ. එදා රටේ සම්පත් ඉඩම් විදේශිකයන්ට විකුනුවේ කවුද කියලා ජනතාව දන්නවා. තමුන්නානේසේලා එකක් මතක තියා ගන්න මේ සමෘද්ධිය දෙන්නේ ඡන්දේ ගන්න නෙමෙයි. එදා දේශපාලන අතකොලු බවට පත් නොවුනු නිසා සමෘද්ධිය නොලැබුනු මිනිසුන් වෙනුවෙන් යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බටුගෙදර, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලසන්ත කුරේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

 

 

 

Post Views: 5
Previous Post

පාර්ලිමේන්තු සභා වාරය විකාශනය U TV වලට දීලා නෑ – කථානායක

Next Post

ලබන මහ කන්නයේ සිට වී මිල ඉහලට – අමාත්‍ය පී.හැරිසන්

editor

editor

Next Post

ලබන මහ කන්නයේ සිට වී මිල ඉහලට - අමාත්‍ය පී.හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved