27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු සභා වාරය විකාශනය U TV වලට දීලා නෑ – කථානායක

පාර්ලිමේන්තුවේ සභා වාරයන්හි විකාශන කටයුතු කථානායකවරයාගේ මැදිහත් විමකින් “U TV” නැමැති පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට ලබා දී ඇති බවට සමාජ මාධ්‍යයන්හි සංසරණය වන පුවත මුළුමනින්ම සාවද්‍ය බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

කථානායකවරයා කිසිවිටකත් එවන් මැදිහත් වීමක් සිදුකර නොමැති බවත්, කිසිදු පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට , ගුවන්විදුලි නාලිකාවකට හෝ සමාජ මාධ්‍ය ආයතනයකට පාර්ලිමේන්තුවේ කටයුතු විකාශනය කිරිමේ අයිතිය ලබා දී නොමැති බව කථානායක මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *