• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් – අගමැති කියයි

2 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප සියලූ දෙනා එකට එක්ව වැඩ කරනවා නම්, අපි ජාතිවාදයට නොයනවා නම්, එක් එක් තැන්වල අන්තවාදය හා ප්‍රචණ්ඩත්වයට උදව් කරන අය හඳුනා ගන්නවා නම් මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණදිය හැකි බවත් ඒ ගැන කිසිඳු සැකයක් තබා ගන්න එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ රැස්වීමේ දීය.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය නිසා රටේ විශාල කැළැඹිමක් ඇති වුවත්, දැන් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරලීම සඳහා සියලූ පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස් ආරක්‍ෂක හමුදාවන් විසින් නීතියට යටත් කර තිබෙන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මෙවැනි ක්‍රියා නැවත සිදු නොවීමට වගබලා ගත යුතු බවත්, ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සෑම රටක්ම එක්ව බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගනිමින් ගෝලීය තර්ජනය ජය ගැනීමට ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” රටේ උද්ගතව තිබෙන වත්මන් තත්වය පිළිබඳව සිවිල් සමාජය දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මේ රැස්වීමට සහභාගි වන ලෙස මට ද ආරාධනාවක් ලැබුණා. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා රටේ විශාල කැලඹිමක් ඇති වුණා. දැන් අප ජන ජීවිතය යථා තත්වයට පත් කළ යුතුයි.

පසුගිය 21 වැනිදා මෙම ප්‍රහාරය එල්ල වන විට ජනාධිපතිතුමා සිංගප්පූරුවේ සිටියත්, එතුමා සමග අප සාකච්ඡා කළා. ඒ මොහොතේම අපි, අපේ ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කළා. පොලිසිය, විශේෂ කාර්ය බලකායත්, ත්‍රිවිධ හමුදාවත් මෙම වැඩ කටයුතුවල නියැලූණු නිසා එදින සවස් වන විට තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වුණා. ඉදිරියේ දී තවත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට තිබෙනවා.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් මියගියා. මේ වන විට ඊට සම්බන්ධ තවත් පිරිසක් රටේ නීතියට යටත් කර ගෙන තිබෙනවා. තව ඉතිරිව සිටින්නේ ස්වල්ප දෙනෙක් පමණයි. මේ සම්බන්ධ වැඩ කටයුතු අපේ ආරක්‍ෂක අංශවලට කඩිනමින් නිම කළ හැකි බවට අපට විශ්වාසයක් තිබෙනවා.

දැන් අපි නැවත සාමාන්‍ය ජන ජීවිතයට යා යුතුයි. එසේ නොවුණහොත් එය ත්‍රස්තවාදයට යටත් වීමක් වෙනවා. මේ නිසා ලබන සිකුරාදා මුස්ලිම් පල්ලිවල ආගමික කටයුතු ආරම්භ කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම ඉරිදා දිනයේ ක්‍රිස්තියානි දේවස්ථානවල ද පූජා පවත්වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ලබන සතියේ සිට මේ රටේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන ඇමැතිතුමා පියවර ගෙන තිබෙනවා. මේ අනුව ක්‍රමානුකඣලව සාමාන්‍ය ජන ජීවිතය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන බව කිව යුතුයි.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින්, රටේ වැඩ කටයුතු සුපුරුදු පරිදි ඉදිරියට ගෙන යාමට අප මේ වන විට අදාළ අංශ සමග සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ව්‍යාපාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. සංචාරක ක්ෂේත්‍රයට සිදුවූ හානිය සම්බන්ධව සොයා බැලීමට සහ නැවත එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අප මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සුදුසු වාතාවරණයක් පවතින බවට විදේශ රටවල් ප්‍රකාශ කිරීමෙන් පසු ලබන අගෝස්තු හා සැප්තැම්බර් මාස වන විට සංචාරක ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත්වනු ඇති.

අපි ත්‍රස්තවාදයට අමුත්තෝ නොවෙයි. ත්‍රස්තවාදය විවිධ මුහුණුවරවල් අරගන්නවා. දැන් අපි දේශීය ත්‍රස්තවාදය වෙනුවට ජාත්‍යන්තර අයිඑස්අයිඑස් ත්‍රස්තවාදයට මුහුණ දී සිටිනවා. මෙය මෙතෙක් පැවැති ත්‍රස්තවාදයට වඩා වෙනත් මුහුණුවරක් ගෙන තිබෙන බව කිව යුතුයි.

අයිඑස්අයිඑස් ප්‍රධානී අබු බකර් අල් බග්දාදි කළ ප්‍රකාශයක වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙන අතර එහි සත්‍යතාවය පිළිබඳව විදේශ බුද්ධි අංශ පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. නමුත් අප එක් කාරණයක් පිළිගත යුතුයි. අයිඑස්අයිඑස් සංවිධානය මේ වන විට මැදපෙරදිග පරාජයට පත්ව තිබෙනවා. බටහිර රටවල් විවිධ ආරක්‍ෂක පියවර ගෙන තිබෙන නිසා ඔවුන්ට එම රටවල්වලට යා නොහැකියි. මේ නිසා වෙනත් රටවලට ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් උත්සාහ ගන්නවා.

පසුගිය 21 වැනිදා මෙරට ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස් අපේ ආරක්‍ෂක හමුදාවන් විසින් රටේ නීතියට යටත් කර ගත් අතර අනාගතයේ දී නැවත මෙවැනි ක්‍රියා සිදු නොවීමට අප වගබලා ගත යුතුයි. අපේ බුද්ධි සේවාවල දස දහසකට අධික සාමාජිකයන් පිරිසක් සිටිනවා. මෙමගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන ත්‍රස්ත ක්‍රියාවන් සොයාගත හැකියි. නමුත් ජාත්‍යන්තරයේ සිදුවන ක්‍රියාවන් පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශ ඔස්සේ තොරතුරු සොයාගත යුතු වනවා.

ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිබඳව සොයා ගැනීමට දැන් තිබෙන තාක්‍ෂණයට වඩා වැඩි තාක්‍ෂණයක් අවශ්‍ය වෙනවා. අයිඑස්අයිඑස් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සෑම රටක්ම එකතු වී වැඩ කටයුතු කළ යුතුයි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මේ සඳහා වෙනම කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. මේ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමේ යෝජනා එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සම්මත කර ගෙන තිබෙනවා. එහි අවසන් යෝජනාව 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී සම්මත කළා. ඒ යෝජනාවට වහාම අප රට ද අත්සන් තබන ලෙස එදා මා කියා සිටියා. ඒ අනුව ඔක්තෝබර් මාසය වන අප ඊට අත්සන් තැබුවා.

මෙම වැඩ කටයුතු අපට තනිවම කළ නොහැකියි. මේ සඳහා ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. බුද්ධි අංශ එකට එකතු කරමින් බුද්ධි හුවමාරුවෙන් මේ කටයුතු කළ යුතුයි. අපේ යුද හමුදාව මාලි රටට ගොස් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවා. එරටේත් ඇතැම් පිරිස් අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ වී ක්‍රියා කරනවා.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමග එක්ව කටයුතු කරනවා. අපේ රණවිරුවන් දෙදෙනෙක් ඒ සටන්වල දී මරුමුවට පත්වුණා. අප මෙලෙස අනෙක් රටවලට උදව් කරනවා සේම ලෝකයේ බොහෝ රටවල් අපට උදව් කරනවා. එම උදව් ප්‍රතිෙක්‍ෂ්ප කළ නොහැකියි. අපේ දැනුමත් අලූත් කර ගනිමින් සියලූ පාර්ශ්වයන් සමග එක්ව අප කටයුතු කළ යුතුයි.

අපේ ආරක්‍ෂක අංශයේ බොහෝ දෙනෙකුට වැඩිදුර පුහුණුව ලබා දීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි ප්‍රහාරවල දී මියයන අයගේ පවුල්වල සාමාජිකයන්ට මානසික වශයෙන් සත්කාර කිරීම සඳහා වෙනත් රටවල වෙනම ඒකක ස්ථාපිත කර තිබෙනවා. අපේ රටේ ද එවැනි සේවා ඇති කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාගත යුතුයි.

මෙරට ප්‍රධාන අඩුපාඩුවක්ව තිබෙන්නේ එක් එක් ආයතන සහයෝගයෙන් කටයුතු නොකිරීමයි. විශේෂයෙන් රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි ආයතන එකතු වී පොලිසියට නිසි තොරතුරු ලබා දෙන්නේ නැහැ. අන්තර්ජාතික පොලිසියට එකතුවීමට ද ඇතැම් පාර්ශව විරුද්ධ වී තිබෙනවා. තොරතුරු හෙළි කරගත හැකි වන්නේ සහ තීරණවලට එලැඹිය හැකි වන්නේ මේ සියලූ ආයතන සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය දත්ත හා තොරතුරු ලබාගැනීමෙන් පමණයි.

1983 ට පෙර මේ රටේ දෙමළ ජනතාව බහුතරයක් ප්‍රභාකරන්ට විරුද්ධව සිටියා. 1983 දී දෙමළ ජනතාවට පහර දීම නිසා ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට හැරුණා. මේ සිද්ධියේදීත් අපට ඇතැම් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට හැකි වුණේ මුස්ලිම් ජනතාව ලබාදුන් සහයෝගය නිසයි. එම නිසා එය නැති කරන්න එපා. අප ඒ සහයෝගය තවදුරටත් ලබාගෙන ඉදිරියට යා යුතුයි.

අද ඇතැම් අය උත්සාහ කරන්නේ ජාතිවාදය කරපින්නා ගෙන ඉදිරියට යාමටයි. ඊයේ රාත්‍රියේ හිනිදුම, මාපලගම ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථානයක වැඩසිටි නායක ස්වාමීන් වහන්සේ නමක් ඝාතනයට ලක්ව තිබෙනවා. නමුත් එම ඝාතනය මුස්ලිම් පිරිසක් සිදු කළ බවට ඇතැම් පාර්ශ්ව ප්‍රචාරය කළා. නමුත් මෙම ඝාතනය සිදු කර ඇත්තේ එම පිරිවෙන් විහාරස්ථානයේම සිටි පුද්ගලයෙක් වන අතර ඒ පුද්ගලයාව මේ වන විටත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අවාසනාවකට මෙන් අපේ රටේ ඇතැම් මාධ්‍ය උත්සාහ ගන්නේ මෙවැනි සිදුවීම් සම්බන්ධ කරමින් වැරදි ප්‍රචාර ජනතාව අතරට ගෙන යාමටයි. මෙවැනි ක්‍රියා මගින් ආණ්ඩු මාරු කළ හැකි යැයි ඇතැම් පාර්ශ්ව කල්පනා කරනවා. නමුත් ආණ්ඩුවක් මාරු කළ හැක්කේ මෙවැනි ක්‍රියා මගින් නොව මැතිවරණවලින් පමණයි.

අද මේ රටට මාධ්‍යයෙන් ඇති කළ තවත් කෝලාහලයක් අවශ්‍ය නැහැ. අද උද්ගතව තිබෙන මේ තත්ත්වයෙන් අප ඉදිරියට යා යුතුයි. ඒ නිසා මාධ්‍යයෙන් මා ඉල්ලා සිටින්නේ බ්‍රේකින් නිව්ස් පළ කිරීමේ දී වඩාත් කල්පනාකාරීව, සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා මේ වන විටත් මද්‍රසා අධ්‍යාපන ආයතන තහනම් කිරීමට අවශ්‍ය නීති සකස් කරමින් සිටිනවා. ඒ වගේම මද්‍රසා නමින් හැදින්වෙන එම පාසල්වල ඉගැන්වීම සඳහා වීසා නොමැතිව සිටින ගුරුවරුන් මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගනිමින් තිබෙනවා. මේවා අද, ඊයේ ඇති වූවක් නොවෙයි. දිගු කාලයක සිට ඇති වූවක් බව සිහිපත් කළ යුතුයි.
තවුහිද් වැනි සංවිධාන ඇති වූයේ කෙසේද කියා විමසා බැලීමේ දී පුදුමයට පත් වෙනවා. මා ඒ ගැන මෙහිදී වැඩි අවදානයක් යොමු කරන්නේ නැහැ. දැන් අපට තිබෙන්නේ මෙය පාලනය කර මෙවැන්නක් යළි ශ්‍රී ලංකාවේ ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය නව නීති සකස් කළ යුතුව තිබෙනවා.

මේ සඳහා ගෙන එන නව නීතිවලින් තමන්ගේ නිදහස අහිමි වනු ඇතැයි සිවිල් සමාජයේ බොහෝ දෙනෙකු අතර මතයක් ඇති වී තිබෙනවා. නමුත් මෙමඟින් කිසි විටෙකත්, කිසිවෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ නොවන බව කිව යුතුයි. සියලූ දෙනාගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම අපේ අරමුණයි.

මේ රටේ සංචාරක ව්‍යාපාරය යළි පෙර පරිදි ක්‍රියාත්මක කළ යුතුයි. 21 වැනිදා ඇති වූ සිද්ධිය සමග පොලිස් ඇදිරි නීතිය පැනවීම නිසා භාණ්ඩ හුවමාරුව ඇතුලූ අපනයන ක්ෂේත්‍රයේ ගැටලූ ගණනාවක් මතු වුණා. මේ වන විට එම ගැටලූ නිරාකරණය කර ගනිමින් සිටිනවා.

මෙවැනි ප්‍රහාර නිසා ආයෝජන නතර වන්නේ නැහැ. අපේ ආර්ථික වතාවාරණය යහපත් තත්ත්වයක නොපවතිනවා නම්, තීරණ ගැනීම් ප්‍රමාද වනවා නම් ආයෝජකයින්ට ගැටලූ මතු විය හැකියි. ආයෝජකයින් බලාපොරොත්තු වන්නේ තීරණ ගැනීමේ වේගය වැඩි වනු ඇති බවයි. මේ අනුව තිබෙන බාධක කඩිනමින් ඉවත් කර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි වේගවත් පියවර ගත යුතුයි. ආර්ථික වශයෙන් අපට සිදුවී ඇති හානිය පිළිබඳව ඉදිරි සති දෙක ඇතුළත නිශ්චිතව ප්‍රකාශ කළ හැකියි.

අප සියලූ දෙනා එකට එක්ව වැඩ කරනවා නම්, අපි ජාතිවාදයට නොයනවා නම්, එක් එක් තැන්වල අන්තවාදය හා ප්‍රචණ්ඩත්වයට උදව් කරන අය හඳුනා ගන්නවා නම් මේ ප්‍රශ්නයට සාර්ථකව අපට මුහුණදිය හැකියි. ඒ ගැන කිසිඳු සැකයක් තබා ගන්න එපා. අපට ඉතාමත් හොඳ ආරක්‍ෂක අංශ තිබෙනවා. එම නිසා ලෝකය සමග එක්ව වැඩ කරමින් මේ ගෝලීය තර්ජනයට හොදින් මුහුණදීමට අපට හැකියාව තිබෙනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය, එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිංහ, පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය යන මහත්වරු ද, පොලිස් හා ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීහු ද ඇතුලූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු රැසක් සහභාගි වූහ.

 

Post Views: 1
Previous Post

ලොතරැයි මණ්ඩල අලෙවි කුටි ඉවතට

Next Post

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජනපති

editor

editor

Next Post

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved