• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රි ජන වරමට පිටුපෑවා – කිරිඇල්ල කියයි

2 November 2018
in දේශීය

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පරාජය වු පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත්කර තිබෙන බවත් මෙම ක්‍රියාව ජනාධිපතිවරයා ඔහුට ලැබුනු ජන වරමට විරුද්ධව කටයුතු කර ඇති බව ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර අංක 01 තුල අද දින (02) පැවති විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අවස්ථාවේදීය.

ඒ මහතා මේ බව පැවසුවේ ” පසුගිය දිනක කථානයකවරයාගෙන් විමසන්නේ නැතුව පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා.අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තුව කල් දැමීමට නම් කථානායකවරයාගේන් විමසන්න ඕන. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහ රැජින පවා පාර්ලිමේන්තුව කල් දැමීම සිදු කරන්නේ කථානායක වරයාගෙන් විමසලයි.ඒ වගේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කල් දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ සභානායකවරයායි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව පාර්ලිමේන්තුව කල්දැමීම මගින් දේශපානල කුමන්ත්‍රන සිදු කිරීමට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නෑ.ගරු කථානායක තුමනි ඔබතුමාට අද ඉතිහාස ගත වෙන්න අවස්ථාවක් ලැබිලා තියනවා.කථානායක ධූරය ආරම්භවුනේ 1376 බ්‍රිතාන්‍යයේ දී.ඒ කාලේ කථානායක වරයා කියන්නේ රජතුමාගේ වුවමනා ඉෂ්ඨසිද්ධ කල පුද්ගලයායි.නමුත් පසු කාලීනව කථානායක වරයා රජතුමාට යටත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනසකට සම්පුදාය අනුව යටත් වුනා.1394 – 1535 අතර බ්‍රිතාන්‍ය රජතුමා විසින් ඔහුගේ අන ක්‍රියාත්මක කලේ නෑ කියලා මහා බ්‍රිතානයේ කථානායකවරු හත් දෙනෙකුගේ ගෙල සිදුවා මරනයට පත්කලා.

නමුත් පසුකාලීනව මේ සියල්ල වෙනස් වුනා.1642 දී පලවෙනි චාර්ල්ස් රජතුමා පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීවරුන් පස්දෙනෙක් අත්අඩංගුවට ගත්තා.එදා බ්‍රිතාන්‍ය කථානායක තුමා පළවෙනි චාර්ල්ස් රජතුමාට කිව්වා “මට දිවක් නෑ ඔබ තුමාට කතා කරන්න,මට පෙනෙන්න ඇස් දෙකක් නෑ.මගේ දිවයි ඇස් දෙකයි ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනසකට යටත්වයි කියලා.”
ගරු කථානායකතුමනි ඔබ තුමාට යටත් වෙන්න කිසිම හේතුවක් නෑ.පාර්ලිමේන්තුවේ බහුතරය ඔබතුමා ඉදිරියේ අද පෙන්වලා තියෙනවා.අද මෙම ස්ථානයේ,එක්සත් ජාතික පක්ෂය හා පෙරමුන,දෙමල ජාතික සංධානය,ජනතා විමුක්ති පෙරමුන,මුස්ලිම් කොංග්‍රසය,රිෂාඩ් මන්ත්‍රී තුමා ඇතුලු කන්ඩායම,මනෝ ගනේෂන් මන්ත්‍රිතුමා ඇතුලු කන්ඩායම,දිගමුබරන් මන්ත්‍රීතුමා ඇතුලු කන්ඩායම,රාධක්‍රිෂ්නන් මන්ත්‍රීතුමා ඇතුලු කන්ඩායම හා ජාතික හෙළ උරුමය ඇතුලත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118 ක් ඔබ තුමා ඉදිරියේ ඉන්නවා.ගරු කථානායකතුමනි ඔබතුමාට ඉතිහාස ගත වෙන්න අද අවස්ථාවක් ලැබිලා තියනාවා.එම නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි අප සියලු දෙනා ඉල්ලා සිටිනවා.

 

Post Views: 7
Previous Post

රනිල් ඉවතට – අරලියගහ මන්දිරය මහින්දට

Next Post

සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව කරන්න – පාඨලි නිලධාරින්ට කියයි

editor

editor

Next Post

සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව කරන්න - පාඨලි නිලධාරින්ට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved