27 April 2024
#දේශීය

සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව කරන්න – පාඨලි නිලධාරින්ට කියයි

කුමන තත්වයකදී වුවද අමාත්‍යාංශය සහ අනෙකුත් අනුබද්ධ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන සියළුම සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සියළු නිලධාරීන්ගේ උපරිම සහයෝගය මධ්‍යයේ සිදු කරගෙන යාම කළ යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (02) දින අමාත්‍යාංශයේ නිලධාරීන් හමු වී සාකච්ඡාවක් පැවැත් වු අවස්ථාවේදීය.

එහිදී ඒ මහතා නිලධාරින් දැනුවත් කර සිටියේ ” මේ වන විට ජපන් රජය විසින් දැනුවත් කර තිබෙනවා අප විසින් ආරම්භ කරන ලද සැහැල්ලූ දුම්රිය සේවාව සඳහා වන ඩොලර් බිලියන 1.4 ක ආයෝජනය සඳහා අත්සන් තැබීමට නොවැම්බර් මාසයේදී යෝජිතව තිබුණා. ඒ වුණත් අද ජපන් රජය විසින් මේ වන විට එය නවතා තිබෙනවා. තවද පවතින තත්වය නිරීක්‍ෂණය කර එහි යහපත් ප‍්‍රතිරූපයක් ඇති වූවොත් පමණක් තමන්ගේ රජය මේ සඳහා වැඩිදුර තීන්දුවකට එළෙඹෙන බවද ජපන් රජය විසින් පවසා තිබෙනවා. ඒ අනුව කිසිඳු කලහකාරී තත්වයකින් තොරව රාජ්‍ය නිලධාරීන් තමන්ගේ රටේ රාජ්‍ය නිලධාරී ප‍්‍රතිඥාවට අනුව රටේ ස්ථාවරත්වය වෙනුවෙන් පෙළ ගැසී කටයුතු කරන්න. ජපන් රජයෙන් මෙන් අනෙකුත් රටවල් මගිනුත් අපට ලැබීමට තිබෙන ආධාර සඳහා යම් යම් බාධක පැමිණ තිබෙනවා. ඒ නිසා එම සියළු දේට මුහුණ දීම සඳහා අප සැවොම එකා මෙන්ම කටයුතු කළ යුතුයි. යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *