• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යෝධ පියවර ගැන අගමැති කියයි

28 June 2019
in දේශීය

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක ලබාදීමට ක්‍රියාකරන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම යෝධ පියවර ගන්නා දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාව බවයි.

සුහුරු පන්ති කාමර, සුහුරු පාසල් සහ ටැබ් පරිගණක පහසුකම් සලසාලමින් අනාගත ලෝකයට සරිලන පරපුරක් බිහිකරලීමට එක්සත් ජාතික පෙරමුණු රජය කැපවී සිටින බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය, හින්දු සංස්කෘතික ශාලාවේ පැවැති උතුරු – නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවය අමතමින්.

දැනට පරිගණක ක්ෂේත්‍රයේ රැකියා 90,000 ක පුරප්පාඩු පවතින බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඒ සියලූ පුරප්පාඩු ශ්‍රී ලාංකිකයන් මඟින් පිරවීම සඳහා පසුබිම මේ අධ්‍යාපන විප්ලවය මගින් සැකසෙන බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ඩී. සිද්ධාර්ථන්, අබ්දුල් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්, තුරෙයි රත්නසිංහම්, සන්දිත් සමරසිංහ, එස්.එම්. තවුෆික් සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෙඣීවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥානසෝති, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් රැසක් සහභාගි වූහ.

Post Views: 31
Previous Post

අතිනවීන සුඛෝපභෝගි බස්රථ අග්‍රාමාත්‍යවරයා අතින් ලංගමට  

Next Post

ජාත්‍යන්තර ගිවිසුම් පිලිබඳ බිල්ලෝ මවන විපක්ෂයට ඇමැති මංගලගෙන් උත්තරයක් !

editor

editor

Next Post

ජාත්‍යන්තර ගිවිසුම් පිලිබඳ බිල්ලෝ මවන විපක්ෂයට ඇමැති මංගලගෙන් උත්තරයක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved