• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක් සඳහා සියලුදෙනා එක්වන්න – ජනපති

17 February 2019
in දේශීය

රටේ හෙට දවස වෙනුවෙන් අලුත් ආණ්ඩුවක් සහ අලුත් වැඩපිළිවෙළකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගැනීම ප‍්‍රගතිශීලි මෙන්ම රටට ආදරය කරන සෑම දේශපේ‍්‍රමියෙකුගේම අද දවසේ වගකීම වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (17) පෙරවරුවේ කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින්.

මෙම වසර ස්ථීර වශයෙන්ම අලුත් ආණ්ඩුවක් හදන වසරක් බවත් එම අලුත් ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික බලවේගයකට ලබා දෙනවා ද, රටට ආදරය කරන සහ රටේ ප‍්‍රශ්න හඳුනාගත් මෙන්ම රටේ හෙට දවස වෙනුවෙන් වඩා සුදුසු අණ්ඩුවක් බිහිකර ගන්නවා ද යන්න සියලුදෙනා හෘද සාක්ෂියෙන් විමසිය යුතුව ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ අද එක්සත් ජාතික පක්ෂය මෙහෙයවමින් සිටින්නේ එහි නායකත්වය විසින් නොවන බවයි.

එබැවින් රටට හිතකර සහ රටට අවශ්‍ය අලුත් ආණ්ඩුවක් මෘතෘ භූමියේ හෙට දවසේ අවශ්‍යතාවය බව අවධාරණය කළ ජනාධිපතිවරයා පුළුල් ජාතික සන්ධානයකින් තොරව එම ජයග‍්‍රහණය ලැබිය නොහැකි බව ද කියා සිටියේය.

රට මුහුණදී ඇති දැවැන්ත ණය බරින් රට නිදහස් කර ගනිමින් රටට ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සහ ජනතා සිතුම් පැතුම් මල් ඵල ගැන්වීම වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවයක්ව ඇති එම නව ජාතික පුළුල් සන්ධානය බිහිකර ගැනීම වෙනුවෙන් රටට ආදරය කරන සියලු බලවේග එකට එක්විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මහජන සිතුම් පැතුම් ඉටුකර ගැනීම වෙනුවෙන් පුළුල් ජාතික අරගලයක නිරත වූ ඓතිහාසික දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ ගමන් මග ද මෙහි දී ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ ද, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි සාමාජික සාමාජිකවන් ද , බැසිල් රාජපක්ෂ, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ‍්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ද, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 22
Previous Post

පළාත් සභා මැතිවරණය ගැන ලබන සතියේ තීරණය කරන බව සභානායක කියයි

Next Post

2020 වන විට කුරුණෑගල සියලුම පැල්පත් නිවාස සාදා නිම කරනවා … -රාජ්‍ය ඇමති අශෝක් කියයි

editor

editor

Next Post

2020 වන විට කුරුණෑගල සියලුම පැල්පත් නිවාස සාදා නිම කරනවා ... -රාජ්‍ය ඇමති අශෝක් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved