• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය සේවය අවංකවම කරන්න – ඇමැති තලතාගෙන් උපදෙස්

13 June 2019
in දේශීය

රාජ්‍ය සේවය කියලා කියන්නේ අවංකවම කරන්න ඕන සේවයක් බවත් එය ඇමතිගේවත් ජනාධිපතිගේවත් අගමැතිගේවත් සේවයක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවා ගත් ආධුනික මෝටර් රථ රියදුරන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී අද (13) පෙරවරුවේ එක්වෙමිනි.

ආධුනික මෝටර් රථ රියදුරන් 54 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු වු අතර ඔවුන් බඳවා ගනු ලැබුවේ විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලැබු තරඟ විභාගයකින් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ රියදුරු පරීක්ෂණයකින් අනතුරුවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය ” රාජ්‍ය සේවය කියලා කියන්නේ අපි අවංකවම කරන්න ඕන සේවයක්.රාජ්‍ය සේවය ඇමතිගේවත් ජනාධිපතිගේවත් අගමැතිගේවත් සේවයක් නෙවෙයි.ඒක ඔබට ලැබෙන වරප්‍රසාදයක්.අද මෙතන පත්වීම් ලබන ඔබ සියලු දෙනාම රජයේ පාසල්වලින් ඉගෙන ගත්ත අයයි.මේ පත්වීම ලැබෙනවාත් සමඟ ඔබට රජයෙන් මාසිකව වැටුප් ගෙවනවා .ඒ විතරක් නෙවෙයි විශ්‍රාම ගියහම විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මේ රාජ්‍ය සේවයේ තියෙන වටිනාකම ඔබ වටහා ගන්න ඕන.මේ සියලු පත්වීම් ලබාදීලා තිබෙන්නේ ඔබගේ තිබෙන දක්ෂතාවය අනුවයි.ඒ නිසා ඔබ ඒකේ තියෙන වටිනාකම වැදගත්කම අවබෝධ කර ගෙන කටයුතු කරන්න ඕන. පවතින රජය සමග වැඩ කරනවා හැර රජයේ සේවකයින්ට දේශපාලනය කරන්න බැහැ. හැබැයි කැමති දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. ඉස්සර රියදුරෙකු වැදලා වාහනය අතට ගන්නේ .ඒත් අද එහෙම නැහැ.තමන් රාජකාරී කරන වාහනය පිරිසිදුව තබා ගන්න ඕන.පිටත ඉදලා බලන කෙනෙකුට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පිරිසිදුව තිබෙනවා කියන අදහස එන්න ඕන.එහෙම නැතිව අකටයුතුකම් ඒ වාහන හරහා වෙන්න බැහැ.ඒ නිසා තමයි කිවුවේ රජයට තමන්ට තියෙන වගකීම යුතුකම ඉටු කරන්න ඕන.අනික් කරුණ තමයි මේ බන්ධනාගාර බස් රථවල ප්‍රවාහනය කරන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි.විවිධ මානසික පීඩාවලින් සිටින අයයි.විවිධ හේතු නිසා බන්ධනාගාර ගත වුනු අයයි.භයානක අයත් ප්‍රවාහනය කරනවා.ඒ නිසා ඔබට විශාල අභියෝගයක් තියෙනවා.අනික් කරුණ තමයි බන්ධනාගාරය කියන්නේ සාමාන්‍ය තැනක් නෙමයි.ඒවා තුළ ඉන්න අයගේ මානසික තත්වය අවබෝධ කර ගෙන අපි රාජකාරී කටයුතු උපරිමව කරන්න ඕන.බන්ධනාගාරයට ගියාම හිටපු අය ඉන්න අය කරපු දේවල් කරන්න එපා.අවංකවම උපරිමව ශක්තිය යොදලා රැකියාව කරන්න .ඔබ විශ්‍රාම ගියහම සතුටු වෙන්න පුළුවන් විදිහට වැඩ කරන්න .අපේ දරුවෙකුට හරි යහපත් විදිහට ඵල විපාක හම්බ වෙන්නේ අපි සාධාරණව වුණහම විතරයි යැයි ද අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව් .තෙන්නකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද මෙම අවස්ථාවට එක් විය.

 

 

Post Views: 6
Previous Post

අවුරුදු හතරක්ම කළේ රාජපක්ෂ හමට තඩිබෑ එකයි – කෙහෙලිය කියයි

Next Post

සේවාව නිසා කොමිසන් වලට යන්න වෙලා – ඇමැති රාජිත කියයි

editor

editor

Next Post

සේවාව නිසා කොමිසන් වලට යන්න වෙලා - ඇමැති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved