27 April 2024
#දේශීය

අවුරුදු හතරක්ම කළේ රාජපක්ෂ හමට තඩිබෑ එකයි – කෙහෙලිය කියයි

ආණ්ඩුව අවුරුදු හතර හමාරක් රාජපක්ෂ මුව හමට තඩිබාමින් විපක්ෂයේ පිරිස හිරේ දැම්ම කෙරෙහි අවධානය යොමු කළා මිසක් රටේ ආරක්ෂාව සමාජ සවිබලගැන්වීම වැනි අත්‍යවශ්‍ය සියලු දේවල් පිළිබඳ අවධානය යොමු නොකල බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මහතා අද (13) කොලඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව දැන්විම් සඳහා කෝටි ගණනක මුදල් වියදම් කරන බවයි. ජනතාව වෙනුවෙන් කිසිවක් නොකල ආණ්ඩුව මේ කරන්නේ කරන්නේ තමන්ගේ දේශපාලන උවමනාවන් බව හෙතෙම පැවසිය.

මේ සියලු දේ අතර රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ මාධ්‍ය මර්දනයට බව රඹුක්වැල්ල මහතා කියා සිටියේයෙ. මාධ්‍යයට බල්ලා බූරුවා කියමින් පටන් ගත්ත ගමන අවසානයේ ලෑස්ති කරගන්න කියන පණිවිඩයක් දුන් බවත් අගමැතිවරයාගේ තක්කඩි කටයුතු ඉදිරියට ගෙනයන්න නම් මාධ්‍ය මර්දනය කළ යුතු බව අගමැතිවරයා වටහාගෙන තිබෙන බව ඔහු අනාවරණ කලේයප.

මාධ්‍ය මර්දනය සඳහා අවශ්‍ය අණ පනත් ගේන්න රජය සූදානම් බවත් ප්‍රතිත්‍රස්ත පනතත් එවැන්නක් වන අතරම ප්‍රතිතස්ත පනත මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මර්දනය කරන බව මනත්‍රීවරයා අනාවරණ කලේය.

මුස්ලිම් ඇමැතිවරුන් ගේ ඒකමතික තීරණයට හේතු වුනේ රිෂාඞ් බදුර්දින් ඇමතිවරයා ඉල්ලා අස් නොවීමයි .ඕනම වැරදි වඩා වැඩක් කලොත් කළේ අපේ කෙනෙක් නම් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වැනි පණිවිඩය කුයි මෙයින් දුන්නෙ .ජනතාව අතරේ මේ තත්ත්වය සම්බන්ධයෙන් විරෝධයක් ඇති වෙලා .රට ව්‍යාකූල කිරීමේ වගකීම රජය භාර ගත යුතුයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *