• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රොබෝ තාක්ෂණය මධ්‍යස්ථානය දියුණු කරන්න සෘජුව මැදිහත් වෙනවා – රාජ්‍ය අමාත්‍ය තිලංග

28 January 2020
in සංවර්ධන

රොබෝ තාක්ෂණය සදහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ අඩුපාඩු සකස් කර දියුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඍජුව මැදිහත් වන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ වත්මන් රජය යටතේ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

එහිදී තිලංග සුමතිපාල රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය ” “දැනට වර්ෂ කීපයකට පෙර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති මේ ආයතනය මේ වන විට අක්‍රීය මට්ටමකයි පවතින්නේ. පසුගිය රජය සමයේ වෙනත් අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වූ මේ ආයතනය දැන් ජනාධිපතිතුමා අපේ අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කර තිබෙනවා. අපි මේ රොබෝ තාක්ෂණ විශිෂ්ටතා මධ්‍යස්ථානය ඉදිරි අවුරුදු දෙක ඇතුළත උපරිම දියුණු තත්වයකට ගෙන ඒමට ක්‍රියා කරනවා. ඒ හරහා අපේ කර්මාන්ත වලට ඉහළ නිෂ්පාදන ධාරිතාවක් ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. රටේ දේශීය නිෂ්පාදන අඩු මුදලකට, ඉහළ නිමාවකට, ඉහළ කාර්යක්ෂමතාවක් නිෂ්පාදනය කිරීමට රොබෝ තාක්ෂණය යොදා ගැනීම ඉවහල් වෙනවා. මේ ආයතනය නියමු මධ්‍යස්ථානයක් කිරීමයි අපේ අරමුණ. ඒ සඳහා පෞද්ගලිකව මේ පිළිබඳ සොයා බලා එය දියුණු කිරීමට කටයුතු කරනවා. සෞභාග්‍යයේ දැක්මට අනුව අලුත් තාක්ෂණය මුල්කරගත් රටක් ගොඩනැගීමට නම් අපි මේ තැනට ආයෝජනය කළ යුතුයි.” යනුවෙන් පැවසීය.

රොබෝ තාක්ෂණය සදහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය නියමු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙන් අනාගතේ දරුවන්ට මේ අංශයට වැඩි වශයෙන් යොමු වීමට පෙළගැසවීමටත්, තරුණ කොටස්වලට දැනුම දියුණු කර ගැනීමට අවස්ථාව ලබාදීමටත්, විශාල නිෂ්පාදන ධාරිතාවක් අපේක්ෂා කරන කර්මාන්තකරුවන්ට ඊළඟ තාක්ෂණ ස්ථරය වෙත ළඟාවීම සඳහා මග පෙන්වන වේදිකාවක් නිර්මාණය කිරීමටත් කටයුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් පෙරේරා මහතා සහ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

 

Post Views: 46
Previous Post

රන් පදක්කම්ලාභී ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඇනා දිවයිනට

Next Post

ශ්‍රී ලාංකීය වැඩබිම් තුල විදෙස් කම්කරුවන් සිදුකරන්නේ කුමක්ද…?

editor

editor

Next Post

ශ්‍රී ලාංකීය වැඩබිම් තුල විදෙස් කම්කරුවන් සිදුකරන්නේ කුමක්ද...?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved