• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවට කළු පැල්ලමක් ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලංකා නියෝජ්‍ය තානාපතිට දඩ ගසයි.

16 August 2024
in දේශීය, පුවත්
ලංකාවට කළු පැල්ලමක් ඕස්ට්‍රේලියාවේ   ශ්‍රීලංකා  නියෝජ්‍ය තානාපතිට දඩ ගසයි.

 

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය තානාපති ලෙස සේවය කළ හිමාලි අරුණතිලක එරට ශ්‍රමික නීති කඩ කිරීමේ වරදට ඕස්ට්‍රේලියානු ඩොලර් 543,000ක් ගෙවීමට නියම කර තිබේ.

ඇයගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවට 2015 වසරේ සිට 2018 වසර දක්වා උදේ 6 සිට රාත්‍රි 10 දක්වා දවස් 7ම වැඩ කිරීමට නියම වී ඇති අතර ඇයගේ අත පිළිස්සීම නිසා දින 2ක් පමණක් නිවාඩු ලබාදී ඇත.

ඇයට පැයකට සත 75ක පමණ පඩියක් ගෙවා ඇති බව ද හෙළිවී ඇත.

ඒ අනුව නොගෙවූ පඩි මුදල් ලෙස ඉහත දඩ මුදල ගෙවීමට ඕස්ට්‍රේලියානු අධිකරණය නියෝග කර තිබේ.

සේවක විදේශ ගමන් බලපත්‍රයක් රාජසන්තක කර, වසර තුනකට එම සේවිකාවට දින දෙකක නිවාඩුවක් ලබාදීමේ සිද්ධිය නිසි ලෙස විමර්ශනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නඩුව අතරතුර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණ විනිසුරුවරිය එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට දැඩි දෝෂාරෝපණයක් ද එල්ල කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සිය ගෘහ සේවිකාවට නොගෙවූ වැටුප් සහ පොලී වශයෙන් ඩොලර් 543,000ක් ගෙවීමට අමතරව රැකියා නීති කඩකිරීම් සම්බන්ධයෙන් ද විශාල දඩයකට මුහුණ දීමට සිදුවී තිබේ.

හිමාලි අරුණතිලක වෙනුවෙන් 2015 සිට 2018 දක්වා කැන්බරා හි සේවය කළ සේවිකාව වන ප්‍රියංකා ධනරත්නට ඕස්ට්‍රේලියාවේ ගත කළ කාලය තුළ අවම වැටුප් ගෙවා ඇති බවත් සේවක කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇති බවත් අධිකරණය විසින් හෙළිදරව් කරගෙන තිබිණි.

විනිසුරු එලිසබෙත් රේපර් හමුවේ හෙළිදරව් වී ඇත්තේ ධනරත්නට සතියේ දින හතේම උදේ 6 සිට රාත්‍රී 10 දක්වා වැඩ කිරීමට සිදුව ඇති අතර එම කාලය තුළ ඇයට නිවාඩු ලබා දී ඇත්තේ පිසින තෙල්වලින් අත පිළිස්සීම හේතුවෙන් පමණක් බවයි.

මෙම කාලය තුළ ඇයට ගෙවා ඇත්තේ ඩොලර් 11,200ක් පමණක් වන අතර එය පැයකට ශත 75ක් පමණ වේ.

ධනරත්නට ද කැන්බරා නිවසින් තනිව පිටව යෑමට අවසර නොදී ඇගේ විදේශ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය භාරයේ තබාගෙන ඇත.

මෙම සියලු කරුණු සළකා බැලීමෙන් පසු අදාළ නඩු තීන්දුව ලබා දී තිබේ.

දුර්වල රැකියා භාවිතයන් ඇති රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැකියා නීතිවලට අනුකූල වීමට අපොහොසත් වීම නිසා ඕස්ට්‍රේලියාවේ විශාල දඩුවම්වලට ලක්වීම සම්බන්ධයෙන් මෙම නඩුව මෑත කාලීන උදාහරණ කිහිපයකින් එකකි.

හිමාලි අරුණතිලක 2023 දී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස පත් කරන ලද අතර දැනට ද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරයි.

 

COPIED-CEYLON WIRE NEWS.

Post Views: 30
Previous Post

Jetstar සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිලකට

Next Post

අයර්ලන්ත-ශ්‍රීලංකා පළමු එක්දින තරඟය අද .

Editor TTV News

Editor TTV News

Next Post
අයර්ලන්ත-ශ්‍රීලංකා  පළමු එක්දින තරඟය අද .

අයර්ලන්ත-ශ්‍රීලංකා පළමු එක්දින තරඟය අද .

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved