• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලොතරැයි මණ්ඩල අලෙවි කුටි ඉවතට

2 May 2019
in සංවර්ධන

වර්තමානයේ පවතින වාතාවරණය යටතේ අනවසර ඉදිකිරීම් සමග සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි කුටි නගර සභා, මහ නගර සභා සහ පොලිසිය විසින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

රත්නපුර නගරයේ මේ වන විටත් අලෙවි කුටි 17 ක් සහ මාතලේ නගර ආශ්‍රිත අලෙවි කුටි 37 ක් ඉවත් කර ඇත.

පසුගිය 30 වනදා සහ ඊයේ (01) දිනයන්හි රාත්‍රියේ පිටකොටුව සහ කොටුව නගරාසන්නයේ පවත්වාගෙන යනු ලබන අලෙවිකුටි ඉවත් කිරීමටද පොලිසිය කටයුතු කර ඇත.

මෙම ලොතරැයි කුටි සදහා අදාළ බල ප්‍රදේශයන්හි ,පලාත් පාලන ආයතනයන්හි හා මාර්ග සංවර්ධන අධිකාරියේද අවශ්‍ය වාර්ෂික බලපත්‍ර ලබා ගෙන ඇති අතර මෙම සෑම කුටියක් සදහාම රජයේ ලියාපදිංචි අලෙවි නියෝජිතයින් සහ අලෙවි සහයක පිරිසක් සිටී.

මෙම තත්ත්වය හේතුවෙන් ටිකට් අලෙවියෙන් එදිනෙදා ජීවිතය සරිකර ගන්නා බොහෝ පිරිසකට සිය ජීවිකාව අහිමි වන අතර ටිකට් අලෙවිය සදහා විකල්ප වැඩ පිළිවෙලක්ද යොදා නොමැත.
ටිකට් අලෙවි කුටි තුළ සේවකයන් දවසේ පැය 12 ක පමණ කාලයක් රැදී සිටින අතර ඔවුන් නිරන්තරයෙන් නගරයේ ආරක්ෂාව සදහා තොරතුරු ලබාගැනීමේ කටයුතු සදහා යොදවා ගැනීමට හැකියාවක්ද ඇත.

මේ ආකාරයෙන් අලෙවි කුටි 4000ක් පමණ නගරාසන්නව පවතින අතර මේවා ඉවත් කළහොත් රජයේ ඒකාබද්ධ අරමුදලට හා ජනාධිපති අරමුදලට ලැබෙන විශාල මුදල් ප‍්‍රමාණයක්ද අහිමි වනු ඇත.

ලොතරැයි මණ්ඩලයන් දෙක විසින්ම මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා ඇතුලු සියලුම නිළධාරීන් මේ වන විටත් දැනුවත් කර ඇත.

Post Views: 16
Previous Post

සාමය සහ සංහිදියාව තුළින් වැඩ කරන ජනතාවට දිනා ගත හැකි දෑ බොහෝ බව අගමැති මැයි දින පණිඩිවය නිකුත් කරමින් කියයි

Next Post

මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් – අගමැති කියයි

editor

editor

Next Post

මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් - අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved