• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යාපෘතිවල ප්‍රථිඵල වෙනුවෙන් මෙහෙයුම් කාර්යංශයක් – ඇමති ප්‍රසන්න

17 May 2023
in දේශීය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ආරම්භ කරන ව්‍යාපෘතිවල ප්‍රථිඵල සම්බන්ධයෙන් දැනුවත් වීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයුම් කාර්යංශයක් ස්ථාපිත කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (16) පැවති ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට සහභාගී වෙමිනි.

මහජන සුබසිද්ධිය වෙනුවෙන් ව්‍යාපෘති පටන්ගත්තද ඒවායේ ප්‍රථිඵල ගැන දැනුවත් වීමට ක්‍රමයක් නොමැතිවීම ගැටළුකාරී තත්ත්වයක් බවයි.

හරියට වැඩ කළ නොහැකි නිළධාරින් වෙනුවට අලුතින් හිතන තරුණ නිළධාරින් සමඟ අලුත් ගමනක් යා යුතුව ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” රාජ්‍ය නිළධාරින් විවිධ ව්‍යාපෘති පටන් ගන්නවා. ඒවයේ ප්‍රතිඵලය කොහොමද.ඒව ගැන ඔයාල හොයල බලනවද. එහෙම හොයල බලන්නෙ නැත්නම් මේව ආරම්භ කරන එකේ තේරුමක් නැහැ. අපිට මේ හැම එකකම ප්‍රථිඵලය ඕන.මහජන මුදල් මහජන අවශ්‍යතා වෙනුවෙන්ම මිසක නිළධාරින්ගේ අවශ්‍යතා වෙනුවෙන් යොදවන්න බැහැ .ඒවයෙ ප්‍රථිලාභ මහජනතාවටම ලැබිය යුතුයි.ප්‍රථිඵලයක් නැත්නම් ඒ ව්‍යාපෘති කරන අයටත් ගෞරවය ලැබෙන්නේ නැහැ. ඒ නිසා යමක් කළහම ඒකෙ ප්‍රථිඵලය ලැබෙන ක්‍රමයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ හදාගන්න. ඒ කියන්නෙ මෙහෙයුම් කාර්යංශයක් වගේ එකක්. ඉදිකිරීම් , කෘෂිකර්මාන්තය, සංචාරක වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ගැලපෙන විදියට කේෂ්ත්‍ර පහක් ආවරණය වෙන විදියට ඒ වැඩපිළිවෙළ හදන්න ඕන. ඒ වැඩපිළිවෙළට ආයතනයෙ ඉන්න උපාධිධාරීන්,සංවර්ධන නිළධාරින් සම්බන්ධ කරගෙන ඒ මෙහෙයුම් කාර්යංශය හදන්න.ඒ තොරතුරු නිළධාරින්ගේ ජංගම දුරකථනයට එන ක්‍රමයකුත් හදාගන්න.එතකොට සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට එන්න කලින් හැමෝටම දැනුවත් වෙන්න පුළුවන්. මම මේ කියන ක්‍රමවේදය අමාරුයි.මොකද මේක අලුත් ක්‍රමවේදයක්.⁣මම කියන මේ අලුත් ක්‍රමවේදය හදාගන්න සල්ලි වියදම් කරන්න ඕන නැහැ.ඉන්න නිළධාරින්ම කළමනාකරණය කරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. මේ ක්‍රමවේදය සාර්ථක කරගත්තොත් රටේ ආර්ථිකයට ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලබාදෙන දායකත්වය අපිට රටටම පෙන්වන්න පුළුවන්. ඒ වගේම සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට වගකිවයුතු නිළධාරින් එන්න ඕන. දෙවනියා,තුන්වෙනියා මේවට ඇවිල්ලා වැඩක් නෑ. හරියට වැඩක් කරගන්න බැරිනම් කියන්න.ඒකට අපි විකල්ප හදාගන්නම්. බොරුවට රැස්වීමට ඇවිල්ලා ලකුණු දාගන්න නිළධාරින්ගෙන් මට වැඩක් නැහැ.නිකං රැස්වීමක් තියල මාව රවට්ටන්න අමාරුයි.රැස්වීම් අඩුකරමු. මට රැස්වීම්වලට සෙනඟ අවශ්‍ය නෑ. අවශ්‍ය නිළධාරින් ටික විතරක් එවන්න. මේ සමහර කරුණු ජනවාරි මාසේ සම්බන්ධීකරණ කමිටුවේ කතා කරපුවා.තවම විසඳිල නැහැ. අපිට තාක්ෂණික කාරණා වැඩක් නැහැ. පැතිබැම්මක් හදන්න මාස පහක් යනවනම් රාජ්‍ය යාන්ත්‍රණය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔයාල වැඩ ⁣කරන්නෙ නැති වුණාම බැණුම් අහන්නෙ අපි. නිකං වාර්තා බලන්නයි,කතා අහන්නයි මම මෙතෙන්ට ඇවිල්ලා වැඩක් නෑ.මේ ෆයිල් මට කොළඹ ඉඳන් බලාගන්න තිබුණා. අපි මෙතන නිකම් කතා කරල වැඩක් නැහැ. මට අවශ්‍ය ප්‍රථිඵල විතරයි. හරියට ප්‍රශ්නයකට උත්තරයක් දී ගන්න බැරි නිළධාරින්ගේ තත්ත්වය මොකක්ද. මේව එළියට ගියොත් ඔයාලටමයි හොඳ නැත්තේ. මිනිස්සු පහුගිය කාලෙ ඉල්ලුවෙ සිස්ටම් චේන්ජ් එකක්. අපි ඒකට හුරුවෙන්න ඕන. සිස්ටම් චේන්ජ් කියන්නේ ක්‍රමවේදයෙ වෙනසක් කරන්න කියන එක මිසක ආණ්ඩු පෙරළන එකකට නෙවෙයි. ආර්ථික අර්බුධයෙන් රට ගොඩගන්න හැටි සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා පහුගිය දවසක රටවල් හයක හිටපු මුදල් ඇමතිවරු කැබිනට් මණ්ඩලයට කැඳවල තිබුණා. ඒ රටවල් අපිට කලින් මේ ප්‍රශ්නවලට මුහුණ දීපු රටවල්. ඒ ඇමතිවරුන් අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය අගය කළා. නමුත් අපි මේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් වැඩක් ගන්නෙ නෑ කියල තමයි එයාල කිව්වේ. අපේ රාජ්‍ය නිළධාරින්ට වැඩ කරන්න පුළුවන්. තරුණ නිළධාරින් ඉන්නවා අලුත් විදියට හිතන්න පුළුවන්.ඒ නිසා පරණ නිළධාරින් පොඩ්ඩක් පස්සට කරල අලුත් නිළධාරින් එක්ක අපි මේ ගමන යමු. දේශපාලනඥයින් විදියට අපි ඉන්නෙ ප්‍රතිපත්ති හදන්නයි.ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ රාජ්‍ය නිළධාරින්ටයි.මේ රැස්වීම්වලට ආවම නිළධාරින් කී දෙනෙකුට බෝලෙ පාස් කරනවද? එක තැනක වාඩිවෙලා සාකච්ඡා කරල මේ වැඩ ඉවර කරන්න. විශේෂයෙන්ම බිත්තර ප්‍රශ්නයට විසඳුමක් හොයන්න, කෘෂිකර්මික ගැටළු විසඳන්න මෙහෙයුම් කාර්යාලයක් හදන්න.ඒවට තරුණ නිළධාරින් යොදවන්න. ගම්මට්ටමේ ව්‍යාපෘති හඳුනා ගැනීමේදී ග්‍රාමීය කමිටු කැඳවන්න. ගම්වල ඉන්න රාජ්‍ය නිළධාරින් අපි නියෝජිතයන් පත්කරනවා. ඒ අයත් එක්ක සාකච්ඡා කරල ගම්වල මිනිස්සුන්ගෙ අවශ්‍යතා සම්පූර්ණ වෙන විදියට ඒව හැදෙන්න ඕන. ඒ වගේම ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය කමිටු කඩිනමින් කැඳවල ඩෙංගු මර්දනයට වැඩපිළිවෙළක් හදන්න. ඩෙංගු මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ගැන දිසාපතිවරුන් දැනුවත් කරල තිබෙනවා. ඒ වගේම කොවිඩ්19 වයිරස ව්‍යාපෘතිය ගැනත් කියවෙනවා. මේව ගැන දැඩිව අවධානය යොමුකරල වැඩ කරන්න ඕන. ඩෙංගු මර්දනය කරන්න සහාය නෙදෙන පිරිස් හා කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්ලිව්.ටී.යූ රාජකරුණා පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්, රාජ්‍ය නිළධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 7
Previous Post

සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා රත්තොට බඹරිකිරි ඇල්ල විනාශයි

Next Post

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති

editor

editor

Next Post

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved