27 April 2024
#දේශීය

සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා රත්තොට බඹරිකිරි ඇල්ල විනාශයි

මාතලේ රත්තොට රිවස්ටන් මාර්ගයේ සුන්දර බඹරකිරිඇල්ල නැරඹිමට යන සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා මේ වන විට දියේ ගිලිමෙන් තරුණයින්ගේ ජිවිත රැසක් අහිමිවු බව ප්‍රදේශවාසිහු කියයි.

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල සිට නකල්ස් පිටවල පතන නැරඹිම සදහ මාතලේ සිට රත්තොට මාර්ගයේහි ගමන් ගන්නා සංචාරකයින් අනිවාර්යෙන් ම මෙම බඹරකිරි ඇල්ල නැරඹිමට පුරුද්දක් කරගෙන සිටියි.

ඇතැම් දේශිය සංචාරකයින් විසින් බිමත්මව ඉතා අශෝභන ලෙස හැසිරෙන බවත් බිමත්ම මෙම දිය ඇල්ල අසළ වතුර වලෙහි දිය නැමට යන බවත් නොසැලකිල්ල මෙම අනතුරු බහුලව සිදුවන බව ප්‍රදේශවාසිහු කියයි.

පසුගිය මාස කාලයේදි මෙම දිය ඇල්ල අසළ වතුර වලෙහි දිය නැමට ගොස් මරණයට පත්වු අතර එම මරණදෙකම සිදු වුයේ ඉතා අනාරක්ෂිතව හා නොසැලකිලිමත්ව දිය නැමට ගොස් සිටි නිසා බවද ප්‍රදේශාවාසින් කියයි.

මෙම දිය ඇල්ල ඇති ස්ථානයෙහි අනතුරුදායක තත්වය පැහැදිලි කරමින් පුවරුව ප්‍රදර්ශනය කර තිබුණද ඒවාද මේ වන විට නොමැති අතර සංචාරකයින් විසින් ඇල්ල් සුන්දරත්වයටද හානි සිදු කරමින් මත්පැත් බොතල් පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරිමද සිදු වන බවත් මෙම තත්වය සති අන්තවලදි වැඩි වශයෙන් දක්නට ඇති බවද ගම්වාසිහු කියයි.

මිට අමතරව ඇල්ල හරහා දමා ඇති එල්ලෙන පාලමද මේ වන විට අබලන් තත්වයෙහි ඇති බවත් අනතුරු සිදු විමට ඉඩ ඇති බවද ගම්වාසිහු කියයි.

මේ පිළිබදව ගම්වාසිහු ක්‍රිඩා හා ‍යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය /රත්තොට සම්බන්ධීකරණ කමිටු සභාපති රෝහණ දිසානායක මහතාට දැනුම් දි ඇති අතර අමාත්‍යවරයා කියා සිටියේ ඇල්ල සංචාරකයින්ට ආකර්ෂනය වන ආකාරයෙන් පරිසර පද්ධතියට හානියක් නොවන ආකාරයෙන් ගම්වාසින් සංචාරක කර්මාන්තයෙහි නිරත වන පිරිස්වල අදහස් ලබා ගනිමින් යටිතල පහසුකම් වැඩිදියුණූ කිරිමට පියවර ගන්නා බවත් පාලම අලුත් වැඩියා සිදු කිරිම සදහා ද පියවර ගන්නා බවය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *