• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලිය අර්බුදය ගැන වසර ගණනකට පෙර අපි දැනුම් දුන්නා – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

30 March 2019
in දේශීය

2016 වසරේ මාර්තු 31 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදු කළ අධ්‍යයනයකදී මෙම වසරේදී විදුලි අර්බුධයකට මුහුණ දීමට සිදු වන බව විදුලි බල අමාත්‍යංශයට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සමඟ TTVnews.lk වෙබ් අඩවිය විසින් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මීට වසර 3කට පෙර විදුලි බලාගාර සෑදීමේ ප්‍රමාදයක් ඇති බව අනාවරණ වු බවයි.ඒ විදුලි ඉල්ලුමට ඉහළ යෑමක් සිදුවන බවත් එයට සාපේක්ෂව විදුලි සැපයුම ලබා දිය යුතුව ඇති බව විදුලි බල අමාත්‍යංශයට කොමිෂන් සභාව විසින් දැනුම් දීම් සිදු කළ බව ඔහු අනාවරණ කළේය.ඒ පිළිබඳ විදුලි බල අමාත්‍යංශයට මෙන්ම රජයට වාර ගණනාවක් දැනුම් දුන් බව හෙතෙම කියා සිටියේය. විදුලි හිඟතාවයක් ඇති වන්නට ඇති බවත් ඒ හේතුවෙන් විදුලි බලාගාර සැලසුම් වල ඇති බලාගාර සැදීම බව අධ්‍යක්ෂකවරයා අවධාරණය කලේය.

විදුලි අත්හිටුවීමේදී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලපත්‍ර කොන්දේසි වල සඳහන්ව ඇති බවත් එය විදුලි බල මණ්ඩලයට පිරිනමා ඇති සම්ප්‍රේෂණ බලපත්‍රයේ 30 වන වගන්තියේ සඳහන් කර ඇති බව හෙතෙම පැවසිය.

එහිදී හදිසි විදුලි බිද වැටීමකදී එය කලින් දැනුවත් කල නොහැකි නමුත් යම් විදුලි හිඟතාවයකදී හෝ ඒ කාලාන්තරයක් පවතින දැනුවත්ව විදුලිය අත්හිටුවීම් සිදු කරයිනම් අනිවාර්යෙන්ම එම විදුලි බිඳ වැටීම් පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු වන බව අධ්‍යක්ෂවරයා කියා සිටියේය. එමෙන්ම ඒ පිළිබඳ මහජනතාවට පෙර දැනුම් දීමක් කල යුතු වන බව ද ඔහු පැවසිය.

විදුලි බල මණ්ඩලයේම දත්තවලට අනුව විදුලිය නොසපයන අවස්ථාවලදී ඒකකය පිරිවැය රුපියල් 120 ට වඩා වැඩී පාඩුවක් බව සොයා ගෙන ඇති බවයි. ඒ අනුව දවසකට වැඩි වේලාවක් විදුලිය නොසපයා තිබිම මගීන් ආර්ථිකයට සිදුවන පාඩුව විශාල බව ඔහු අනාවරණ කර සිටියේය.

අධ්‍යක්ෂකවරයා කියා සිටියේ විදුලි බල මණ්ඩලයේ කාර්යය විය යුතු වන්නේ විදුලිය විසන්ධි කිරීම නොවන එය අඛණ්ඩව ජනතාවට ලබා දීම බවයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සමඟ TTVnews.lk සමඟ කළ සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාව පහත අපගේ යුටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න.

https://www.youtube.com/watch?v=JMPe1RXpH5s

සාකච්ඡා කළේ – තරින්ද ඇල්විටිගල

Post Views: 4
Previous Post

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 ක් පත් කරයි

Next Post

නව ඖෂධ නිෂ්පාදනාගාර 02 කට මුල්ගල් තැබීම හෙට (01)

editor

editor

Next Post

නව ඖෂධ නිෂ්පාදනාගාර 02 කට මුල්ගල් තැබීම හෙට (01)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved