• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විසුරුවා හරින්න බලය තියෙන්නේ මටයි … හැබැයි මම එහෙම ක‍ළේ නෑ – ඇමැති කිරිඇල්ල

19 October 2018
in දේශීය

බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට බවත් කිසිම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයක් විසුරුවා හැරියේ නොමැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ “ලක්දිරිය“ ව්‍යවසාය සංවර්ධන ණය යොජනා ක්‍රමය යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය මුදල් හිමිවූ ව්‍යවසායකයින් පිරිසකට ණය මුදල් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි. ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේදී පැවති මෙම උත්සවයේදී ව්‍යවසායකයින් 428 දෙනෙකු වෙත රු.මිලි.128ක මුදලක් පිිරිනැමිනි. පසුගිය මාස 02 තුල ජාතික ඉතිරිකිරීමේ බැංකුව මඟින් පමණක් ලක්දිරිය වැඩ සටහන යටතේ රු.මිලියන 315ක ණය මුදල් ලබා දී ඇත.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රටේ වැදගත් සිංහල පුවත්පතක ලංකා බැංකුවෙත්, මහජන බැංකුවේත් අධ්‍යක්ෂ මණ්ඩල ජනාධිපතිතුමා විසුරුවා හැරලා කිියලා ප්‍රවෘත්තියක් පල වුනා. ඒ අමූලික බොරුවක්. අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. ජනාධිපතිතුමා මගෙන් ලිඛිතව ඉල්ලීමක් කලා, මට තියෙන අමාත්‍ය බලය පාවිච්චි කරලා මේ බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන්න කියලා. අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරලා නැහැ. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කලා එතුමාගේ නිර්දේශ නම් ලබා දෙන්න කියලා. ඒ අනුව කලබලයකින් තොරව ලබන සතිය තුල සුදුසු නිළධාරීන් පිරිසක් මේ සඳහා තෝරාගමු කියලා. රටේ ප්‍රධානම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරියා කිව්වම ජාත්‍යන්තරයට යන පණිවුඩය මොකක්ද? මේ බැංකු බංකොලොත් කියල. සමහර වැදගත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් මේ වගේ ප්‍රවෘත්ති පලකිරීම ගැන මම ඉතාමත් කණගාටු වෙනවා. මේවගෙන් රටේ ආර්ථීකයටත් අහිතකර බලපෑම් වෙනවා. එහෙම කරන අය ජාති ද්‍රොහීන්. රට ගැන හිතල කටයතු කරන්න කියල ඒ අයගෙන් මම ඉල්ලනවා.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

ආරක්ෂක ප්‍රධානීයෙකු ඝාතනය කෙරේ

Next Post

පරිසරය සුරැකීම සහ මත්ද්‍රව්‍ය අභියෝගය ගැන දරුවන් දැනුවත් කළ යුතුයි – ජනපති

editor

editor

Next Post

පරිසරය සුරැකීම සහ මත්ද්‍රව්‍ය අභියෝගය ගැන දරුවන් දැනුවත් කළ යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved