27 April 2024
#විදෙස්

ආරක්ෂක ප්‍රධානීයෙකු ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ ජ්‍යෙෂ්ට අණදෙන නිලධාරියෙකු වන ජනරාල් අබ්දුල් රසීක් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහුව මෙලෙස ඝාතනය කර ඇත්තේ පෞද්ගලික ආරක්ෂකයෙකු තැබූ වෙඩි ප‍්‍රහාරයකින්.

ප‍්‍රහාරයේ වගකීම තලෙයිබාන් කැරලිකරුවන් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

ආණ්ඩුකාර කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගිවු ජනරාල් රසීක් සහ ඇමරිකා අණදෙන නිලධාරී ජනරාල් ස්කොට් මිලර් ප‍්‍රහාරයේ ඉලක්කය වී ඇති බවත් බුද්ධි අංශ ප‍්‍රධානියෙකු ආණ්ඩුකාරවරයා සහ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි ඇෆ්ගන් වාර්තා සදහන් කළේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *