• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙනත් පක්ෂයේ කෙනෙක්ට ජනපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ – දුමින්ද කියයි

31 January 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුටත් වෙනම පක්ෂයක් ඇති කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න හෝ පක්ෂයෙන් එළියට යෑමට කිසිම අවශ්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (31) අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න වෙහෙස මහන්සි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විදිහට යම් කණගාටුවක් හිතේ අමාරුවක් පහුගිය කාලය පිළිබඳව තිබූවද, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියණි හෝ පක්ෂය කැඩිමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථිසංවිධාන කටයුතු පෙබරවාරී 01 වැනි දින (හෙට) අනුරාධපුරයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වන බව හෙතෙම පැවසිය.

එහිදී දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ මේ පක්ෂ ප්‍රථිසංවිධාන වැඩ කටයුතු කරලා අපි කිසි විටකවත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ නෑ, දුමින්ද දිසානායක පහුගිය කාළය පුරාම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා භය නැතිව, බොහෝම නිර්භීතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟපාර අපේක්ෂකයා වෙන්නෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා.ඒ වගේම අපේ අපේක්ෂකයා තමයි 2025 වනතුරු රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නෙත් කියලා.හැබැයි ඒ දවස් වල වෙන කවුරුවත් වෙනත් නමක් ගැනවත් මතක් කලේ නෑ.එදා කිව්වා වගේම අදත් අපි කියනවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂය ශක්තිමත් කරමින්, අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙන්නෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා, ජයග්‍රාහී අපේක්ෂකයා බවට පත් වෙන්නෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්- ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එකතු වීම සම්බන්ධයෙන් කිසිවෙක් තැතිගන්න අවශ්‍යය නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි පහුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කල අපේ අපේක්ෂකයෝ සියලු දෙනාම අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝජිතයෝ විදිහට ඉන්නවා.මේ එකතුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම හානියක් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ, ඒ වගේම අපිත් එක්ක එකතු වන කුමන හෝ පාර්ශවයත් ආරක්ෂා කරන්නත්, ඒ අයට නිසි තැන ලබා දීලා කණ්ඩායමක් විදිහට මේ ජයග්‍රහණය ඉදිරියට ගෙනයන්නත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර ගන්නවා.යැයි දිසානායක මහතා කියා සිටියේය.

Post Views: 13
Previous Post

තවමත් ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුක්‍රමය ලොවට පරමාදර්ශයක්- කථානායක

Next Post

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කරනවා – ජනපති

editor

editor

Next Post

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved