• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙරළ තීරයේ සිට ගොඩබිම කිලෝමීටරයක දුරට සංචාරක ආයෝජන සදහා අනුමැතිය දීම කඩිනම් කෙරේ

4 June 2024
in දේශීය, පුවත්
වෙරළ තීරයේ සිට ගොඩබිම කිලෝමීටරයක දුරට සංචාරක ආයෝජන සදහා අනුමැතිය දීම කඩිනම් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා වෙරළ තීරයේ සිට කිලෝමීටරයක දුරක් දක්වා වන ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංචාරක ක්ෂේත්‍රයට අදාල ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙය නාගරික සංවර්ධන අධිකාරිය එය මේ වන විට ආරම්භ කර ඇති කඩිනම් සේවා ඒකකය (One stop Unit) මගින් ක්‍රියාත්මක කෙරේ.

සංචාරක ආයෝජන ප්‍රවර්ධනය හා සංචාරක ව්‍යාපාරය නංවාලීම මෙහි අරමුණයි.

සංචාරක ආයෝජන සදහා අදාල අයදුම්පත ඉදිරිපත් කර දින 10 ත් 21 ත් අතර කාලය තුළ අනුමැතිය ලබාදීමට කටයුතු යොදා ඇති බව ඇමතිවරයා කියයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යන ආයතන ඇතුළු ආයතන 16 ක් මෙම මාර්ගගත ක්‍රමයට ඇතුළත් කර තිබේ. ඒ අනුව මූලික සැලසුම් අනුමැතිය ලබාදීම දින 10ක කාලයකදීත්, ප්‍රමාණක සැලැස්මක් අනුමත කිරීම දින 14 කාලයකදීත්, ගොනැගිල්ලක් අනුමත කිරීම දින 21 ක කාලයකදීත්, ලබාදුන් අනුමැතියක් අලුත් කර දීම දින 10 ක කාලයකදීත් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

දිවයින වටා පිහිටි වෙරළ තීරයේ සිට ගොඩබිම කිලෝමීටරයක ප්‍රදේශයක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ 1982 දෙසැම්බර් මස 17 වන දින නිකුත් කෙරුණු අංක 223/16 දරණ විශේෂ ගැසට් පත්‍රයට අනුවයි. ඒ අනුව පසුගිය 15 වෙනිදා සිට මෙම නව ක්‍රමවේදය හදුන්වාදුන් බව ඇමතිවරයා කියයි. මාර්ගගත ක්‍රමය ඔස්සේ සැලසුම් අනුමත කිරීමේ ක්‍රමවේදය නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළේ 2022 දෙසැම්බර් මස 17 වන දින සිටයි. ඒ වෙනුවෙන් සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ One stop Unit නමින් නව ඒකකයක් ද ආරම්භ කෙරිණි. මෙම ඒකකය මගින් වෙරළාශ්‍රිත සංචාරක ආයෝජන අනුමත කිරීම සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාරගැනීම දැන් සිදුකරයි. මේ පිළිබදව වැඩි විස්තර www.osu.uda.lk වෙබ් අඩවිය හරහා සහ 0113883251/ 0112874585 දුරකතන අංක ඇමතීමෙන් ද 0712076177 දුරකතන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන්ද ලබා ගත හැකිය.

කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරය දැඩි කඩාවැටීමකට ලක් වූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත්ව තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව පසුගිය ජනවාරි සිට අප්‍රේල් 31 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 784,651 කි. 2023 වාර්තාවලට අනුව මෙරට ලියාපදිංචි සංචාරක හෝටල් සංඛ්‍යාව 4346 ක් වන අතර එහි ඇති කාමර සංඛ්‍යාව 53229 කි. ක්‍රමයෙන් වැඩි වන සංචාරකයන්ට අවශ්‍ය පරිදි මෙරට සංචාරක හෝටල් සංඛ්‍යාව වැඩි කිරීමට එවකට සංචාරක අමාත්‍යවරයාව සිටි ප්‍රසන්න රණතුංග මහතා විශේෂ පියවර ගණනාවක් ක්‍රියාත්මක කළේය. එහිදී හදුනාගත් ප්‍රධාන ගැටලුවක් වූයේ සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබා ගැනීමේ දී ඇතිවන ප්‍රමාදයයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබාදීම ප්‍රමාදවීම වැලක්වීමේ අරමුණින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

ප්‍රදිප් අනුර

Post Views: 17,510
Previous Post

20/20 ලෝක කුසලාන මුල් වටයේම තරගයෙන් ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජය ලබයි

Next Post

උතුරුමැද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් උසස් පෙළ පන්ති වලට බඳවා ගැනීම් සිදු කෙරේ

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved