27 July 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය ජයගනි

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලූ 9 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (30) සමත්වුණා.  තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 කදී සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 117 ක් පමණයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 13 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 118 ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් අතර, ඒ අනුව දෙකට බින්දුවක් ලෙස තරග තුනකින් සමන්විත තරගාවලියේ ජයද දැනටමත් ඕස්ට්‍රේලියාවට හිමිවනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *