27 April 2024
#දේශීය

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින් ඇරඹෙයි

2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම අද (31) දින සිට ඇරඹෙයි. හෙට දිනයේත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා රාජ්‍ය සේවකයින්ට අවස්ථාව පවතින අතර, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට නොවැම්බර් මස 4 සහ 5 යන දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

අදාළ දිනයන්වල තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට ලබන මස 7 වනදා දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා වෙන් කර ඇත්තේ නොවැම්බර් මස 7 වනදායි.

පෙර පුවත්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ලකුණු කිරීම හෙටින් ඇරඹෙයි

Leave a comment

Your email address will not be published. Required fields are marked *