27 July 2024
#සංවර්ධන

ශ්‍රී ලංකාව සදහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටොර්ස් තහඩු වර්ගයක්

ශ්‍රී ලංකාව සදහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටොර්ස් තහඩු වර්ගයක් හදුන්වාදීමට රුසියාව තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලෝකයේ ඇස්බස්ටොර්ස් තහඩු නිෂ්පාදනය වැඩිම රට රුසියාවයි.

නව ඇස්බස්ටොර්ස් තහඩු වර්ගය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දැනුවත් කිරීම කොළඹ දී පසුගියදා සිදු කර තිබේ.

රුසියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය Mr. sergey.A.Kraevoy මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටොර්ස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *