27 July 2024
#දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර එකයි. නායක මෛත්‍රිපාල සිරිසේනට ද මෙවර අමාත්‍යධුරයක් හිමිවුයේ නැහැ.

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (12) දින මහනුවර මඟුල් මඩුවේ දී දිවුරුම් දෙනු ලැබුවා. 

මෙවර කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර හිමි වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ එක් මන්ත්‍රිවරයෙක්ට පමණයි. ඒ පරිසර අමාත්‍ය ධුරය හිමිවූ මහින්ද අමරවීරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන හට මෙවර අමාත්‍ය මණ්ඩලයේ ස්ථානයක් හිමිනොවු අතර එම පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, එස්.බි.දිසානායක හටද මෙවර අමාත්‍යධුර කිසිවක් හිමිවුයේ නැත.

එමෙන්ම අමාත්‍යධුර හිමිනොවූ ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සුසිල් ප්‍රේමජයන්ත, විජයදාස රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන ද සිටිනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *