27 April 2024
#දේශීය

වියත්මගෙන් රාජ්‍ය අමාත්‍යධුර 04 ක්

වියත්මග සංවිධානයෙන් 2020 පාර්ලිමෙන්තු මහ මැතිවරණය සඳහා තරග කල තිදෙනෙක්ට (03) රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ වෛද්‍ය සීතා අරඹේපොල හටද රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

එලෙස ලැබූ අමාත්‍යධුර පත්වීම් නම් –

ආචාර්ය සරත් විරසේකර : පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද

ආචාර්ය නාලක ගොඩහේවා : නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද

සිතා අරඹේපොළ : නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යධුරයද

මහාචාර්ය චන්න ජයසුමන : ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යධුරයයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *