27 April 2024
#දේශීය

කුරුණෑගල නගරාධිපතිවරයාගේ වරෙන්තුව අගෝස්තු 24 දක්වා අත්හිටුවයි

දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව ලෙස සැලකෙන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත් ජූලි 14 වැනිදා රාත්‍රියේ කුරුණෑගල නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ඩෝසර් කර කඩා ඉවත් කර තිබුණි.

පරීක්ෂණ වලින් අනතුරුව ගොඩනැගිල්ල කඩා බිද දමා දින 23කට පසුව නීතිපතිවරයා පසුගිය 05 වනදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

නමුත් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට පොලිසිය අසමත්ව ඇත. එහෙයින් ඔවුන්  අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් යළිත් මෙම මස 10 දින වරෙන්තු නිකුත් කර තිබුණි.

එවන් පසුබිමක අද දින (12) කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 05 දෙනාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අගෝස්තු 24 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරිම අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කරයි

Leave a comment

Your email address will not be published. Required fields are marked *