• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමාජ ක්‍රියාකාරින්ගේ විරෝධතාව එජාපයේ විසින් මෙහෙය වු එකක් නොවෙයි ….. !

11 January 2019
in දේශීය

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10 ) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින්, සංදේශ භාර දීම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්‍ෂය සැමවිට ම මාධ්‍ය නිදහස ගරු කරන හා ආරක්‍ෂා කරන පක්‍ෂයක් බවයි.

එක්සත් ජාතික පක්‍ෂය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහත පරිදි වේ.

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10 ) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින්, සංදේශ භාර දීම පිළිබඳව අප පක්‍ෂයේ බලවත් සැලකිල්ල යොමු වී ඇත.

මෙම විරෝධතාවන් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එන්ජීඕ නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍යයන් ගෙන යන ප්‍රචාරයන් සම්බන්ධව ද අපගේ අවධානය යොමු වී ඇත.

මේ විරෝධතාව සඳහා අප පක්‍ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැත. අප සොයා බලා දැන හඳුනාගත් ආකාරයට මේ විරෝධතාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් ඔක්තෝබර 26 වන දා සිට සටන් වැදි සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවකගේ සංවිධානත්වයෙන් සිදු වූවකි.

එක්සත් ජාතික පක්‍ෂය සැමවිට ම මාධ්‍ය නිදහස ගරු කරන හා ආරක්‍ෂා කරන පක්‍ෂයකි. මෙරට මාධ්‍ය ආයතනයන් වෙත බෝම්බ ප්‍රහාර හා ප්‍රචණ්ඩත්වය එල්ල වූ අවස්ථාවන්හිදීත්, මාධ්‍යවේදීන් ඝාතනයට හා තර්ජනයට ලක්වූ අවස්ථාවන්හිදීත් අප පක්‍ෂය මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටි අයුරු යළි සිහිපත් කළ යුතු නොවේ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අයුරින් ම අපි ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ද පෙනී සිටිමු. රටේ පවත්නා නීතියට අනුකූලව සාමකාමීව විරෝධතා පැවැත්වීමේ අයිතිය ඕනෑම පුරවැසියෙකු සතුය. ශිෂ්ට සම්පන්න හා ශීලාචාර අයුරින් පවත්වන විරෝධතාවයකට සිය මාධ්‍ය බලය උපයෝගී කරගනිමින්, පහර එල්ල කරන්නට හා පලවා හරින්නට ක්‍රියා කරන මාධ්‍ය ආයතන මගින් ප්‍රදර්ශනය වන්නේ කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.

තවත් අවාසනාවන්ත කරුණක් වන්නේ මෙකී මාධ්‍ය ආයතන විසින්, නීතිරීතිවලට යටත්ව, සාමකාමී හා ශීලාචාර ලෙස විරෝධය පාන කොටස් එන්ජීඕ කාරයන් හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගැසීමයි. රට ගිනි තියමින්, නීති බිදිමින්, ප්‍රචණ්ඩත්වය වපුරමින් විරෝධතා සිදු කරන කොටස් දේශපේ‍ර්මීන් ලෙස ඔටුනු පැළඳීමයි.

මහත්මා ගතිගුණ ප්‍රදර්ශනය කරමින්, විරෝධතාකරුවන්ගේ සංදේශ භාර ගැනීමට ක්‍රියා කළ මාධ්‍ය ආයතන වෙත අප පක්‍ෂයේ ප්‍රසාදය හිමි වන අතර, එසේ නොකොට තම ඒකාධිපතිත්වය ප්‍රදර්ශනය කළ කළු මාධ්‍යයන් වෙත අපගේ විරෝධය හා පිළිකුල මෙයින් පළ කර සිටිමු.

2019 ජනවාරි 11

Post Views: 10
Previous Post

20–20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයට පරාජය වෙයි

Next Post

කාර්ක්ෂමව සංවර්ධන ඉලක්ක සපුරන්න – ජනපති නව ආණ්ඩුකාරවරුන්ට දන්වයි

editor

editor

Next Post

කාර්ක්ෂමව සංවර්ධන ඉලක්ක සපුරන්න - ජනපති නව ආණ්ඩුකාරවරුන්ට දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved