• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෑම දිස්ත්‍රික්කයකම,මැතිවරණ කොට්ඨාශයක් සඳහා එක් ඔසුසලක්

21 March 2019
in ව්‍යාපාර

කෙටිකාලීන සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ ඔසුසල ශාඛා ජාලය පුළුල් කරන ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව කෙටි කාලීන සැළැස්මක් යටතේ සෑම දිස්ත්‍රික්කයක් සදහාම එක් ඔසුසලක් බැගින් සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයක් සදහාම එක් ඔසුසලක් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කිරිමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මාතලේ දිස්ත්‍රික්කය සදහා වූ ඔසුසල මාතලේ නගරයේ දී ලබන 25 දින ද, දඹුල්ල නගරයේ නව ඔසුසල එදිනම සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇත. ඉන් පසු කෑගල්ල, බදුල්ල, අම්බලන්ගොඩ, දර්ගා නගරය වැනි නගර වල ඔසුසල විවෘත කිරීමට සැළසුම් කර ඇත.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. 2014 වර්ෂයේ දී රුපියල් මිලියන 741 ක් වූ ලාභය 2018 වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 1719 ක් දක්වා වර්ධනය කරගෙන ඇත. දේශීය විවෘත වෙළෙදපොල තුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වන ඖෂධ වල විකුණුම් ප්‍රමාණය 2014 වර්ෂයේ රුපියල් මිලියන 4865 ක් වූ අකර, 2018 වර්ෂය වන විට එය රුපියල් මිලියන 7458 දක්වා වර්ධනය කර ඇත. රජයේ රෝහල් සහ ආයතන සදහා ගෙන්වනු ලබන ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණය 2014 වර්ෂයේ රුපියල් මිලියන 17269 ක් වූ අතර, එය 2018 වර්ෂය වන විට රුපියල් මිලියන 32000 ක් දක්වා වර්ධනය කර ඇත. 2015 වර්ෂයෙන් පසු මේ දක්වා නව රැකියා අවස්ථා 298 ක් ලබා දී ඇති අතර, 2017 වසරේ දී සේවක වැටුප සියයට 50 කින් ද වැඩිකර ඇත.

පරිගණක මෘදුකාංගයක් හදුන්වා දෙමින් රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීමේ වැඩපිළිවෙලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය සමග ඒකාබද්ධ වෙමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන බව එම සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා පවසයි.

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාව ගැන වාර්තාවේ විවාදය අදයි

Next Post

දකුණු පලාතේ වැඩබලන විදුහල්පතිවරුන්ට දීමනාවක් – ආණ්ඩුකාර කිර්ති

editor

editor

Next Post

දකුණු පලාතේ වැඩබලන විදුහල්පතිවරුන්ට දීමනාවක් - ආණ්ඩුකාර කිර්ති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved