27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාව ගැන වාර්තාවේ විවාදය අදයි

සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ජගත් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට්ගේ වාර්තාවට ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබූ වාර්තාව අද (21) දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජගත් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් විසින් ඊයේ (20) ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළාය. පසුව අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් කරුණු දැක්වීම සිදු විය.

මේ අතරම එහිදී තවත් රටවල් කිහිපයක නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම් සිදු කෙරිණ. මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් සදහන් කලේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් පවතින බවය.

අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු අමත්‍ය තිලක් මාරපන සඳහන් කළේ විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවය.

මේ අතර සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබූ වාර්තාව හෙට (21) දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *