• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය තීරණය කරයි

24 September 2019
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින කාත් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම අඛණ්ඩව සිදු කරනු ලැබේ. ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් හට ගෙවනු ලැබේ.

උදාහරණයක් වශයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ යුධ හමුදා මේජර්වරයකුගේ මූලික වැටුප හා දීමනා රු. 97,205/= වේ. ඊට අමතරව සේවා විශ්‍රාම වැටුප වශයෙන් රු 10,000ක් ද, දුබලතා විශ්‍රාම වැටුප වශයෙන් 4,000ක් ද ඇතුළුව ආබාධිත මේජර්වරයකුගේ මාසික වැටුප වූයේ රු. 111,483කි. ඔහු ආබාධිත සෙබළකු වශයෙන් වයස අවුරුදු 55 දී විශ්‍රාම ගැන් වූ පසු ඔහුට මෙතෙක් ලැබුණේ රු 81,000ක විශ්‍රාම වැටුපකි. ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වූ එම හමුදා නිලධාරීවරයාට ඔහු විශ්‍රාම ගැන්වීමට පෙර ලබා ගත් රුපියල් 111,483 මුදල ඔහුට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප වශයෙන් ලැබෙනු ඇත.

ආබාධිත සෙබළුන්ගේ නියෝජිත පිරිසක් දැනට මාස කිහිපයකට පෙර මාතර දී මුදල් අමාත්‍යවරයා හමු වී ඔවුන්ගේ දුෂ්කරතාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන්, රට වෙනුවෙන් ඔවුන් කරන ලද කැපකිරීම අගයනුවස් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට ජීවිත කාලය දක්වා අවසන් වරට ලැබූ වැටුපට සමාන මුදල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දෙන ලදී.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ද දැනුම්වත් කිරීමෙන් පසුව මෙම සහන වීරෝධාර සෙබළුන් වෙනුවෙන් ලබා දීමට මෙම රජයට හැකිවීම සතුටට කරුණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

උතුරු නැගෙනහිර ගැටුම් අවසානයෙන් පසුව එදා පැවැති රජය වීරෝධාර සෙබළු ඇතුළු ආරක්ෂක අංශ විකුණාගෙන දේශපාලනය කරන යුගයක් පැවැතියේ ය. ඔවුන් දැන් විපක්ෂයේ සිටිය දී පවා කරනුයේ පටු දේශපාලන වාසි තකා යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ දුක හා කඳුළු මත බලයට පැමිණීමට උත්සහ කිරීමයි.

පසුගිය රජයේ පාලකයන් එම සෙබළුන්ගේ සුබ සාධනය සඳහා සැලකිය යුතු කිසිවක් ලබා දුන්නේ නැත. එහෙත් මෙම රජය බලයට පත් වීමෙන් පසුව පොලීසිය හා ආරක්ෂක හමුදාවේ සියලු සාමාජිකයන්හට පසුගිය වසර 20ක් තිස්සේ නොදුන් සහන අයවැය හරහා ලබා දීමට මුදල් අමාත්‍යාංශයට හැකි විය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීම ක්‍රියාත්මක කළේ ය. එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගත්තේ ය. ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රුපියල් 23,231 දක්වා ද, සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19,350 දක්වා ද මේ වන විටත් ඉහළ නංවා ඇත. ඊට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව ද දෙගුණ කළේ ය.

එසේම යුධ, නාවික හා ගුවන් හමුදා සේවයේ රුපියල් 1000ක කමාන්ඩෝ දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නංවා ඇත. තව ද අවුරුදු 20ක් තිස්සේ පොලීසියේ නිලධාරීන්ට අහිමිව තිබූ උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලද අතර 31,000කට අධික පොලිස් කොස්තාපල් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්හට උසස්වීම් ක්‍රියාත්මක වීම පසුගිය සතියේ දී ඇරැඹීය.

ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් මෙම වැටුප් ගෙවීම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන සංග්‍රහය සහ අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නුදුරේදීම සංශෝධනය කරනු ඇත.

Post Views: 19
Previous Post

සවුදි අරාබිය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර ශ්‍රී ලංකාව හෙළා දකී

Next Post

මැතිවරණ නීතිය උල්ලංඝනය කරන්න ඉඩ දෙන්නේ නැහැ – බැසිල්

editor

editor

Next Post

මැතිවරණ නීතිය උල්ලංඝනය කරන්න ඉඩ දෙන්නේ නැහැ - බැසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved