• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

12 January 2024
in දේශීය, පුවත්
සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා පනත් කෙටුම්පත (Gender Equality Bill) මඟින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය “ 120,000 ක් වන පෙර පාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට ලබාදීම අපට තිබුණු විශාල අභියෝගයක් වූණා. දැනට එම දරුවන් සඳහා වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩිකර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලංකාවේ ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙලෙන බැවින් ප්‍රෝටීන් සහිත පෝෂණීය ආහාර වේලක් ලබාදීමට අප සැලසුම් කරනවා. ඒ අනුව දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමට මෙම වසරේදී කටයුතු කරනවා. එම වැඩසටහන දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කටයුතු කරනවා. වතු නොවන පෙර පාසල් දරුවන් 120,000 ක් පමණ සිටිනවා. එමෙන්ම වතු පෙර පාසල් දරුවන් 35,000 ක් සිටිනවා. ඒ අනුව මුළු ප්‍රතිලාභින් සංඛ්‍යාව 155,000ක් වනවා.

ඒ වගේම ගර්භණී මව්වරුන් සඳහා වන පෝෂණීය ආහාර මල්ලක් ලබාදීමට කටයුතු කරනවා. ගර්භනී මව්වරුන් 220,214 ක් සඳහා මසකට රුපියල් 4,500 බැඟින් මාස 10 ක් සඳහා පෝෂණ ආහාර මල්ලක් ලබා දීමට අප මේ වන විට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි පෙර පාසල් ගුරුවරියන් 18,333ක් සිටිනවා. ඔවුන් සඳහා වැටුපක් ලබාදිය යුතුයි. පෙර පාසල් ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ පෙර පාසල් ගුරුවරියන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් මාසිකව රු 2500ක දීමනාවක් දැනට ලබා දෙනවා. එම මුදල ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බැවින් එම මුදල් තවදුරටත් වැඩිකළ යුතුව තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

Post Views: 231
Previous Post

ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තය නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක් – ජනපති

Next Post

2024 නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම් ලබා දෙනවා – අධ්‍යාපන ඇමති සුසිල්

editor ttvnews

editor ttvnews

Next Post
2024 නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම් ලබා දෙනවා – අධ්‍යාපන ඇමති සුසිල්

2024 නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම් ලබා දෙනවා - අධ්‍යාපන ඇමති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved