• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සේවාව නිසා කොමිසන් වලට යන්න වෙලා – ඇමැති රාජිත කියයි

13 June 2019
in සංවර්ධන

ඉතා මිල අධික පිළිකා ඖෂධ අඩු මිලට ලබාගැනීමේ තීරණය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට කොමිසන් සභා හමුවේ සාක්ෂි දීමට සිදුව ඇති බවත්, එම තීරණයට විරෝධය පළ කර ඇතැම් වෛද්‍යවරුන් සහ ඖෂධ සමාගම් පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ අහිංසක දුප්පත් රෝගීන් දෙස අවධානය යොමු නොකරමින් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් කෝටි 20 ක මුදලක් වැය කරමින් මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද “සුරක්ෂා ළමා සෙවන” ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (13) පස්වරුවේ එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “පිළිකා ඖෂධ අඩු මිලට ලබාගැනීම සහ පිළිකා ඖෂධ මිල අඩු කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුලු නිලධාරීන්ට කොමිසම හමුවේ සාක්ෂි දෙන්න සිදු වී තිබෙනවා. මෙම තීරණයට විරුද්ධ වෛද්‍යවරු සහ ඖෂධ සමාගම් තමයි පෙත්සම් ඉදිරිපත් කර තිබුනේ. එම පෙත්සම් තමයි කොමිසම හමුවේ විභාග වෙන්නේ. නමුත් අහිංසක ජනතාවට පිළිකා ප්‍රතිකාර ලබාගැනීමේ දී ලැබෙන වාසිය ගැන කවුරුත් බලන්නේ නැහැ. සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට කැපවීමෙන් සහ උනන්දුවෙන් වැඩ කරන හොද වෛද්‍යවරුන් ද ඉන්නවා.”යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඡේ.එම් මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, නිමල් ලන්සා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, රෝහල් අධ්‍යක්ෂවරුන්, ආයතන ප්‍රධානීන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය, මෙල්වා සමාගමේ සභාපති ආනන්ද මුරුගනාදන් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

රාජ්‍ය සේවය අවංකවම කරන්න – ඇමැති තලතාගෙන් උපදෙස්

Next Post

ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ මිල්හාන් ඇතුළු 5 අත්අඩංගුවට

editor

editor

Next Post

ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ මිල්හාන් ඇතුළු 5 අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved