27 April 2024
#දේශීය

ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ මිල්හාන් ඇතුළු 5 අත්අඩංගුවට

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඩුබාහිදී CIDය අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු 5ක් අද අළුයම දිවයිනට රැගෙන විත් ඇති බව පොලිසිය පවසයි.  පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබේ.

අද (14) අළුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.

එම පුද්ගලයින් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ පසුවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *