• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හානිපුර්ණ කාර්යාල සාමාජිකයින් කථානායක හමුවෙයි

4 April 2019
in දේශීය

ශීෂ්ටසම්පන්න සමාජයක් ලෙස ජනතාවට ආත්ම ගරුත්වය හා සුරක්ෂිතභාවය සහිත ජිවිතයක් ලබාදීම වෙනුවෙන් වග වීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හානිපුර්ණ සඳහා වූ කාර්යාලයට හැකිවනු ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

කථානායකවරයා මේ බව පැවසුවේ හානිපුර්ණය සඳහා වන කාර්යාලයේ සාමාජිකයන් අතර අද (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති හමුවකදිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හානිපුර්ණ සඳහා වන කාර්යාලයේ සාමාජිකයන් පසුගිය 01 වනදා දින සිට පත්කොට ඇත. ඒ අනූව, එම කාර්යාලයේ සභාපතිනිය ලෙස ධරණි විජේතිලක(ධාරා) මහත්මිය පත්ව ඇති අතර, අනෙක් සමාජිකයන් ලෙස විශ්‍රාමික ලුතිනල් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්. රත්නප්‍රියබන්දු මහතා , ජයන්ත මුතතම්බි ස්වාමිනාදන් මහතා, සෙල්ලතම්බි සුමිත්‍රා මෙනවිය, සහ ඒ .ඒ.එම් ෆදීහු මහතා පත් ව ඇත.

පීඩාවටපත් තැනැත්තන් වෙත කළ යුතු හානිපූර්ණයන්ට අදාල නිර්දේශ ලබා ගැනීම, එකී තැනැත්තන්ගේ අවශ්‍යතාවයේ මට්ටම හඳුනාගැනීම, හානිපූර්ණ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ සකස් කිරීම හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඒවා ක්‍රියාත්මක කිරීම හානිපූර්ණ සඳහා වන කා‍ර්යාලයේ ප්‍රධාන කාර්යයන් වේ. එම කාර්යාල හමුවේ පෙනී සිටින පීඩාවට පත් තැනැත්තන් සඳහා අවශ්‍ය පරිපාලන සහායන් ලබා දීම. මනෝ සාමාජියීය සහාය ඇතුළු සහායන් සැපයීමත්, අවශ්‍ය අවස්ථාවන් හිදී අවශ්‍ය ආරක්ෂාව සැපයීමටත් කටයුතු කරනු ලැබේ.

 

Post Views: 5
Previous Post

2019 වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි

Next Post

ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති කිසිවිටකත් දුර්වල කර නෑ – ජනපති

editor

editor

Next Post

ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති කිසිවිටකත් දුර්වල කර නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved