• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හැමෝම රට හදන්න කැප වෙන්න ඕන – ඇමැති දුමින්ද කියයි

15 October 2018
in දේශීය

ඉස්සර කැපුවත් කොළ, කැපුවත් නිල් කියන අතර අපි හැමෝම කැපුවාම රතු , අපි හැමෝම රට හදන්න, ගම හදන්න කැපවෙන්න ඕනෑ බවත් මැතිවරණ කාළයක් ආවම කැමති පක්ෂයකට ජන්දය දෙන්න යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දැඩි වියළි කාළගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජය මගින් ක්‍රියාත්මක නියං සහනාධාර බෙදා දීමේ වැඩසටහන යටතේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහනාධාරලාභීන් 1816 දෙනෙකු වෙත සහනාධාර මලු බෙදා දීමට සහභාගී වෙමින්. මෙම අවස්ථාවට අමාත්‍යයවරුන් වන පී හැරිසන්, චන්ද්‍රාණී බංඩාර, විරකුමාර දිසානායක යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

එහිදී අමාත්‍ය දුමින්ද දිසානායක මෙසේ අදහස් පල කර සිටියේය ” මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් සේවය කරනවා, හැබැයි බොහෝ ජනතාව මේ ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේ නැති ගානට තමයි කථා කරන්නේ, මේ ආණ්ඩුව බලයට පත් වෙලා අපි මිලියන 38 000 ක් වියදම් කරලා තියෙනවා ගංවතුර හා නියඟ අවස්ථා වලදී පීඩාවට පත් වුණ ජනතාව රැක බලා ගන්න, කන්න බොන්න දෙන්න, පානීය ජලය ලබා දෙන්න පමණක්.කවුරුත් මේවා ගැන කථා බහ කරන්නේ නෑ.පහුගිය නියං සමයේ අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සඳහාම ආපදා කළමණාකරන අමාත්‍යංශය මගින් බවුසර් ලබා දීලා, තෙල් ගහලා දීලා, රියදුරන්ට පඩි ගෙවලා, වතුර ටැංකි අරන් දිලා ජනතාවට වතුර දුන්නා.කවුරුත් මේවා දුන්නේ ආණ්ඩුවෙන් කියලා කථා කරන්නේ නෑ.ඒ අයුරින් ගංවතුරින් ආපදාවට ලක් වූ ජනතාවටත් මේ ආණ්ඩුව සහය ලබා දුන්නා.ඒ වගේම සුළිසුළගක් ආවත් ඒ අවස්ථාවේදීම ජනතාවට අවශ්‍ය සහන සැපයීමට රජය කටයුතු කළා.අනෙක් සෑම ආණ්ඩුවකටම වඩා ජාතික ආණ්ඩුවක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකට එකතු වෙලා ජනතාව වෙනුවෙන් පෙනී සිටිමයි අපේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 12
Previous Post

රටේ විදේශ ප්‍රතිපත්ති පරිසරය හා දේශගුණය ආරක්ෂා කිරීම සඳහා ද යොදා ගත යුතුයි – අගමැති

Next Post

44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved