27 April 2024
#ක්‍රීඩා

44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු 44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14)පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

ජාතික මහා ක්‍රිඩා උළෙල පසුගිය 11 වනදා ආරම්භ කෙරුණු අතර පළාත් 09ම නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1543 දෙනෙකු හා නිලධාරින් 443 දෙනෙකු ඊට එක් විය.

දක්ෂම ක්‍රිඩක ක්‍රිඩිකාවන් වෙත ජය සංකේත ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

වසර 25 ක සේවා කාලය සම්පූර්ණ කළ ක්‍රිඩා නිලධාරින් අගයමින් රන් සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය ෆයිසර් මුස්තාපා, රාජ්‍ය ඇමතිණි ශ‍්‍රීයානි විජේවික‍්‍රම යන මහත්ම මහත්මීන් සහ පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ක්‍රිඩා අමාත්‍යවරුන් සහ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *