27 April 2024
#දේශීය

ආණ්ඩුවට විරෝධය පාමින් දිවයින පුරා විරෝධතා.. කොළඹ දැඩි වාහන තදබදයක්

ආණ්ඩුවට එරෙහිව අද දිවයින පුරා විරෝධතා පැවැත්වේ. මේ අතර ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසක පමණ සංඛ්‍යාවක් අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වෙයි.

එම වෘත්තිය සමිතිවල පිරිස් විරෝධතා පාගමනක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භකර ඇති අතර මේ වන විට කොළඹ කොටුව ආශ්‍රිත ප්‍ර දේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව ඇත.

මෙම වැඩවර්ජනය ගේ අරමුණ දින හතක් තුළ ආණ්ඩුව බලයෙන් ඉවත් විය යුතු බව දැන්වීම බවත් එය නොතකා ආණ්ඩුව දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ කලහොත් අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවද වෘත්තිය සමිති අවධාරණය කර සිටිති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *