• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික අභියෝගයට විසඳුම් සඳහා ජාතික ආර්ථික සභාවෙන් උපදෙස්

17 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික ආර්ථික සභාව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ය.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සමග මතුව ඇති ආර්ථික අභියෝගයට මුහුණදීම සඳහා ශ‍්‍රී ලංකාව ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කොට ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

දැනට ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලීන කොට පාරිසරික වශයෙන් මෙන්ම දේශීය කර්මාන්තයන්ට අයහපත් බලපෑමක් කරනු ලබන පොලිතින් ආනයනය සීමා කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් විය.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම පාලනය කිරීම මගින් සහ ආනයනය කරන භාණ්ඩ සඳහා නිසි පරිදි රේගු බදු අය කිරීම මගින් රටේ වෙළෙඳ ශේෂයේ හිඟය පියවිය හැකි බව ද මෙහිදී ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවට ප‍්‍රකාශ කළේ ය.

දේශීය ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙවර ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු කෙරිණි. සීනි ආනයනකරුවන් වර්තමානයේ මුහුණ දි ඇතැයි පැවසෙන ගැටලු පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණු අතර, වර්තමාන පාලන මිලට සීනි ලබාදීමේ දී විශාල වශයෙන් පාඩු විඳීමට සිදුවන බව ඔවුහු පෙන්වා දුන්හ.

දේශීය පළතුරු බීම කර්මාන්තකරුවන්ගේ ගැටලු ද ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක් විය.

පළතුරු බීමවල අඩංගු සීනි ප‍්‍රමාණය මත පනවා ඇති බදු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර දේශීය පළතුරු නිෂ්පාදකයන්, පළතුරු ගොවීන් සහ බීම නිෂ්පාදකයන් දිරිමත් කරමින් ඔවුන්ට වැඩි අවස්ථා ලබාදීමේ නිසි ක‍්‍රමවේදයක් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත් කර එහි වාර්තාවක් ජාතික ආර්ථික සභාවට ලබාදෙන මෙන් නිර්දේශ කෙරිණි.

ආනයනය කරනු ලබන ති‍්‍රත්ව සුපරි පොස්පේට්වලට ආදේශයක් වශයෙන් එප්පාවල නිධියේ ඇපටයිට් භාවිත කරමින් සිංගල් පොස්පේට් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු ක‍්‍රමවේදයක් පිළිබඳව ද ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු විය. එමඟින් පොහොර සඳහා විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ඉතිරිකර ගත හැකි බව විශේෂයෙන් අවධාරණය කෙරිණි.

වරායට ගෙන එන භාණ්ඩ නිෂ්කාශනය සිදුකිරීමේ දී ස්කෑන් පරික්ෂාවට ලක් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර දැනට ඒ සඳහා කි‍්‍රයාත්මක ක‍්‍රමවේදය වන අහඹු ලෙස බහාලුම් පරික්ෂා කිරීම වෙනුවට සියලු බහාලුම් පරික්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබිණි. ඒ අනුව වර්තමාන තත්ත්වය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

කළු ගඟ නිම්න මිටියාවත මුහුණ දී තිබෙන ගංවතුර තර්ජනය පිළිබඳව ද ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර රත්නපුර සහ කළුතර නගර ඇතුළු ගංගා නිම්න මිටියාවතේ අනෙකුත් ප‍්‍රදේශ ගංවතුරට යටවීම පාලනය කිරීමට නිසි වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවත් එය බොහෝ කාලයක් තිස්සේ අතපසු වූ කාර්යයක් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එබැවින් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළ අතර මෙම ජලය උතුරට සහ වයඹට ගෙනයාමේ වැඩසටහනක් පිළිබඳ අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට ද උපදෙස් දුන්නේ ය.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, ආචාර්ය සරත් අමුණුගම, දුමින්ද දිසානායක. මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටි අතර, දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් ද මෙවර ජාතික ආර්ථික සභාවට කැඳවා තිබුණි.

Post Views: 2
Previous Post

මිල සූත‍්‍රයක් නැහැ …..! විදුලි බිලට – ඇමැති රංජිත්

Next Post

හිටපු ඇමැති ජොන්ස්ටන්ට නිදොස්

editor

editor

Next Post

හිටපු ඇමැති ජොන්ස්ටන්ට නිදොස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved