• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිල සූත‍්‍රයක් නැහැ …..! විදුලි බිලට – ඇමැති රංජිත්

16 October 2018
in දේශීය

විදුලිබල පනතට අනුව විදුලි බිල පිළිබඳ මිල සූත‍්‍රයක් හඳුන්වා දෙන්න ප‍්‍රායෝගිකව පුළුවන් කමක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ යම් අවස්ථාවක විදුලිබිල වැඩිකිරීමක් කරනවානම්, මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ලබාගත යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා…..,

අපි මහජන උපයෝගීතා කොමිසමට එවැනි යෝජනාවක් ඉදිරිපත් කළත්, එම යෝජනාව සමාජයට බලපාන ආකාරය අනුව මහජන උපයෝගීතා කොමිසමට පුළුවන් මහජනතාවගෙන් ඒ පිළීබඳව අදහස් විමසා බලන්න. ඒක දීර්ඝකාලීන වැඩක්. ඒ නිසා ඛනිජ තෙල් සංස්ථාවේ පනත අනුව ඔවුන් කරන්නාසේ මාස් පතා මිල සූත‍්‍රයක් හදුන්වාදෙන්න දැනට තිබෙන පනත අනුව විදුලිබල මණ්ඩලයට කිසිඳු හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පිලිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ”වෙනස්වන ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිබල මණ්ඩලයේ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම සමනය කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඒ සම්බන්ධයෙන් විවිධ අර්ථකතනයන් කතා බහට ලක්වෙනවා. මෙයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ විදුලි බිලට මිල සූත‍්‍රයක් ඇතිකරන බවට. විදුලිබල මණ්ඩලය ලංකාවේ ඇති ප‍්‍රධානතම සුභසාධන ආයතනක්. ලක්ෂ 60 ක් පමණවන විදුලි පාරිභෝගිකයන්ගෙන් හරි අඩකටම අපි විදුලිය සපයන්නේ නිෂ්පාදන වියදමෙන් හරි අඩකටත් වඩා අඩු මුදලකට. විදුලිබල නිෂ්පාදන වියදමෙන් 60%ක්ම ඉන්ධන සඳහා වැයවනවා. ඒ නිසා ඉන්ධන වල නිතර ඇතිවන මිල උච්ඡුාවචනය වීම කෙරෙහි අපිට ඉන්ධන මිල සූත‍්‍රය ඉතා දැඩිව බලපානවා. ඒ නිසා අපි මේ තත්ත්වයට කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ කියන කාරණා සොයා බලන්න තමයි කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේ. එයින් කිසිසේ්ත්ම අදහස් වෙන්නේ නැහැ විදුලිය සඳහා මිල සූත‍්‍රයත් ගෙන ඒමට යනවා කියලා. මිල වැඩිකරනවා නම් විදුලිබල අමාත්‍යාංශය හැටියට ඒ ගැන කතා කරන්න තිබුණේ මීට ගොඩක් කලකට ඉහතදී. අපි විශාල අභියෝග මැද්දේත් ජනතාවට අඛණ්ඩව විදුලිය දුන්නා පවතින මිලටම. මෙම කමිටුව මගින් අපි බාලාපොරොත්තු වෙන්නේ විදුලිබල ක්ෂේත‍්‍රයේ වියදම් අඩුකරගන්නා සෟජු ක‍්‍රම ගැන විමසා බැලීම, විදුලිබල පනත යාවත්කාලින කරගැනිම, සූර්යබල සංග‍්‍රාමයට සහ සුළං බල මෙහෙයුමට දිරිගැන්වීම් ලබා ගැනීම, පාරිභෝජන රටාවන් කාර්යක්ෂම කරගැනීම ආදිය සඳහා විසදුම් ලබාගැනීමටයි. සුබවාදි විසදුම් සොයන මොහොතක කිසිසේත්ම අසුබවාදි අනියත බියක් ඇතිකරගත යුතු නැහැ” යැයි පැවසීය.

Post Views: 3
Previous Post

පුජිතට තව අවුරුදු 2 ක් ඉන්න පුළුවන්..! අස්වෙනවා කියලා දන්නේ නෑ – නි.ඇමති නලින්

Next Post

ආර්ථික අභියෝගයට විසඳුම් සඳහා ජාතික ආර්ථික සභාවෙන් උපදෙස්

editor

editor

Next Post

ආර්ථික අභියෝගයට විසඳුම් සඳහා ජාතික ආර්ථික සභාවෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved