27 April 2024
#සංවර්ධන

ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් මන්නාරමේ සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණයක්

තිස්වසරක යුද්ධයෙන් පීඩාවට පත්ව ස්ථීර නිවසක් නොමැතිව අසණව සිටි දිළිදු ජනතාව උදෙසා සියලු පහසුකම් වලින් සමන්විතව නිවාස එකසිය විස්සකින් (120) යුත් නිවාස සංකීර්ණයක් ජනතා අයිතියට පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගු කාලීන ව අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14) මන්නාරමේදී සිදුවිය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කල සංචාරයකදී කරන ලද ඉල්ලීමකට අනුව එරට ප්‍රධාන පෙලේ දානපතියකු වන අලි අබ්දුල් අල්ඛාජා මහතා විසින් සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර ඇති අතර ජලය ,විදුලිය හා එම නිවාස එකසීය විස්ස සඳහාම අවශ්‍ය ගෘහ භාණ්ඩ ,විදුලි උපකරණ,මුලුතැන්ගෙයි උපකරණ ආදියද ලබාදී ඇත.

මෙම නිවාස සංකීර්ණය ප්‍රජා ශාලාවක්,සාප්පු සංකීර්ණයක් ,රාජ්‍ය නිළධාරීන්ගේ කාර්යාල ඇතුලු පහසුකම්වලින් යුක්තව ඉදිකර ඇති අතර ,මෙම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පතිකිරීමේ අවස්ථාවට උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් ,මන්නාරම,මාන්තෛයි බටහිර ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුලු ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක්ද සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *