27 April 2024
#දේශීය

දකුණ ජනතාව ප්‍රිය කරන පලාත කරනවා – ආණ්ඩුකාර කීර්ති කියයි

දකුණු පලාත දිවයිනේ වඩාත් ජනතාව ප්‍රිය කරන පලාත බවට පත් කරන බව දකුණු පළාතේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ නිල වශයෙන් සිය ධූරයේ වැඩ භාර ගැනීම ඊයේ (14) ගාල්ල, පහළ ඩික්සන් පාරේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි සිදු වු අවස්ථාවේදිය.

වැඩ භාර ගැනීමේ උත්සව අවස්ථාව සදහා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා, මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා, දකුණු පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා, විජේපාල හෙට්ටිආරච්චි මහතා, චන්දිම වීරක්කොඩි මහතා පළාත් අමාත්‍ය නීතිඥ යූ.ජී.ඩී. ආරියතිලක මහතා, පළාත් අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර‍ මහතා, පළාත් අමාත්‍ය එච්.ඩබ්.ගුණසේන මහතා, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍ර‍ධානීන්, දකුණු පළාත් ප්‍ර‍ධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා, දකුණු පළාත් සභාවේ උසස් නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *