27 April 2024
#Uncategorised

ඇල්පිටිය ගැන ඇමැති ගයන්ත බලයි

ඇල්පිටිය නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හා අදාළ ප‍්‍රගතිය පිළිබදව කරුණු සොයා බැලීමේ සාකච්ඡාවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. ඒ, ඇල්පිටිය ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දීය.

එහිදි ඇල්පිටිය බස් නැවතුම පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් පිළිබද විශේෂ අවධානයක් යොමු වුණ අතර ඇල්පිටිය ප්‍රදේශිය ලේකම්වරයා ඇතුළු මහ නගර හා නගර සැලසුම් අමාත්‍යාංශයේ අදාළ නිළධාරින් සමග නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *