කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී ඇති දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් ගමගේ මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දී තිබේ.
නිල නිවස අවභාවිත කිරීම, නියමිත කෝටාව ඉක්මවා ඉන්ධන ලබා ගැනීම, රජයේ දේපළ පෞද්ගලික කටයුතු සඳහා භාවිත කිරීම සහ නිල නිවසේ ගෘහ භාණ්ඩ පෞද්ගලික නිවස වෙත රැගෙන යාම ඇතුළු චෝදනා රැසක් මෙම පැමිණිල්ලට ඇතුළත් වන අතර, ඊට අදාළ ලිඛිත සාක්ෂි 10ක්ද කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.














