27 April 2024
#සංවර්ධන

ග්‍රාම ශක්ති වැඩසටහන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කල යුතුයි – රාජ්‍ය අමාත්‍ය ලන්සා කියයි

ග්‍රාම ශක්ති වැඩ වැඩසටහන පිළිබදව පළමුව ජනතාවට නිසි අවබෝධයක් ලබා දී ඔවුන්ව දැනුවත් කරමින් ශ්‍රී ලංකාව පූරා සාර්ථක වැඩසටහනක් බවට පත් කළ යුතු බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) දින වත්තල සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සදහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාම ශක්ති වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රගතිය සොයා බැලීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනට එක්වෙමිනි.

ග්‍රාමීය මට්ටමින් කුඩා කණ්ඩායම් පිහිටුවීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීම හරහා ගමේ සංවර්ධනය ගොඩනැගීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

ග්‍රාම ශක්ති වැඩසටහන නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම තුළින් දුප්පත්කම තුරන් කිරීම, කුසගින්න නිමා කිරීම, වසවිසෙන් තොර ආහාර රටාවක් ඇතුළු එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 සපූරාගැනීමට හැකිවන බවත් මෙම වැඩසටහන ලොකයේ රටවල් 172 ක් තුළ ක්‍රියාත්මක වන බවත් එක්සත් ජාතීන්ගේ මෙම ඉලක්ක සපුරාගැනීමේදී අනෙකුත් රටවල් අභිභවා ශ්‍රී ලංකාව සාර්ථකත්වය කරා ගෙන යාම වත්මන් රජයේ අපේක්ෂාව බව අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුටරත් පැවසීය.

2030 වන විට කිසිවකුත් දිළින්දකු නොවිය යුතුය යන සෞභාග්‍යයේ ඉදිරි දැක්ම අරමුණු කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නව මුහුණුවරකින් යුක්තව ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ග්‍රාමීය ජනතාව තුළින් ඔවුන්ගේ අවශ්‍යතා හදුනාගෙන එම පිරිසගේ දායකත්වය ඇතිව ප්‍රජා සංවර්ධනය සිදු කිරීම මෙම ග්‍රාම ශක්ති වැඩසටහනෙහි ඇති විශේෂත්වයයි.

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය ලේකම් ටී.සී.රාජිකා මහත්මිය, ජා ඇල ප්‍රාදේශීය ලේකම් පී.ඒ.ඒ.එස් වීරසේකර මහතා, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම ශක්ති සමිති නියෝජිතයින් ඇතළු රජයේ නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.

 

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *