27 April 2024
#දේශීය

ජනතාව නව නිදහස් අරගලයකට කැඳවිය යුතුයි – පුබුදු ජයගොඩ (විඩියෝ)

ඩි.එස්ලාට, ඩඩ්ලිට සර්, ජොන්ලාට බණ්ඩාරනායකලාට 1948 නිදහස් දිනයක් වුවාට ගමේ ජනතාවට සෑබෑ නිදහසක් මෙතෙක් නොලැබු බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවියේ විසින් සිදු කරනු ලබන විශේෂ සංවාදයකට එක්වෙමින් ජයගොඩ මහතා කියා සිටියේ එදා විදේශිකයින් විසින් මෙරට දුම්රිය මාර්ග පිළිසකර කර නමුත් මේ වන විට කිසිදු දේශපාලන බලවේගයකට එම දුම්රිය මාර්ග කිලෝමිටරයක් හෝ ඉදිරියට ඉදි කිරීමට නොහැකි වී ඇති බවයි. ඒ තුළින් ජනතාවගේ හැඟීම සුද්දෝ සිටියානම් හොඳ යැයි ද නිදහස පිළිබඳ ඔවුන් සංවේදි නොවන්නේ මේ හේතුවෙන් බව ජයගොඩ මහතා හෙළි කර සිටියේය.

කෙසේ වෙතත් ජනතාවට අවශ්‍ය කරන දේශපාලනික හෝ සමාජිය වශයෙන් අවශ්‍ය නිදහස නොලැබීම මීට ප්‍රධාන හේතුව බව පුබුදු ජයගොඩ මහතා කියා සිටියේය.

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සමඟ TTVnews.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල විසින් සිදු කළ සංවාදය සම්පුර්ණයෙන්.

මෙතනින් 

සෑබෑ නිදහස පිළිබඳ සංවාදය තව දුරටත් ගෙන යාමට TTVnews.lk වෙබ් අඩවිය සුදානම්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *