27 April 2024
#දේශීය #පුවත්

ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය මෘදුකාංග ඉංජිනේරු සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් සිදුකෙරිණි.

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් ජපානයේ ආධාර මත අලුතින් පිහිටුවන ලද Lanka Nippon BizTech ආයතනය (LNBTI) මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

තාක්‍ෂණය සඳහා සිසුන්ගේ ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා LNBTI ආයතනයේ නොසැලෙන කැපවීමත් ඩිජිටල් පරතරය පියවාලීම සඳහා ගෙන ඇති පියවරයන් හී වැදගත්කමත් සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරයා සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනයට සහය දැක්වීමට ජපානය කැපවී සිටින බව මෙම අවස්ථාවට සහභාගී වූ වැඩබලන ජපාන තානාපති කට්සුකි කොටාරෝ මහතා (Katsuki Kotaro) සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, LNBTI අධ්‍යක්ෂවරුන් වන සමන් කුමාර සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *