27 April 2024
#දේශීය

තඹුත්තේගම මුදල් මංකොල්ලයට සම්බන්ධ පොහොට්ටුවේ මන්ත්‍රීගේ පක්ෂයෙන් එලවයි

තඹුත්තේගම ප්‍ර දේශයේ සිදු වු මුදල් මංකොල්ලයට සම්බන්ධ රාජාංගනය ප්‍රාදේශිය සභාවේ සුරිය ආරච්චිගේ සුරංග මහේෂ්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවු බව පොදු ජන පෙරමුනේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ් මහතා ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ පොදු ජන පෙරමුණ පක්ෂයේ සියළුම පළාත් පාලන ආයතන සභිකවරුන් ඒකමතිකව තීරණය කොට ඇත්තේ පක්ෂය නියෝජනය කරන කිසියම් පළාත් පාලන ආයතන සභිකවරයෙකු බරපතල චෝදනා සම්බන්ධව, චෝදනා ලබන අවස්ථාවන් හිදි වහාම ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔවුන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *