27 April 2024
#දේශීය

තරුණ පිරිස් අවධානමක් ගන්න කැමැති නෑ – ගෝඨාභය කියයි

අද තරුණ පිරිස් අවධානමක් ගෙන දියුණු වන්නට කිසිදු කැමැත්තක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේ රටේ ජනතාව දිළිඳු බවින් ඉවත් නොවන්නේ නම් එම සංවර්ධයෙන් පලක් නොමැති බවයි.

රටේ ජනතාව දිළිඳු බවින් ඉවත් නොවන්නේනම් එම සංවර්ධයෙන් පලක් නොවන බව හෙතෙම කියා සිටියේය. ඔහු පවසන්නේ සැබෑ සංවර්ධනයක් අත් කර ගැනිමට ජනතාවගේ ජිවන මට්ටම ඉහල නැංවිය යුතු බවයි.

ඔහු කියා සිටියේ තරුණ පිරිස් ත්‍රි රෝද රථයක් ගෙන ඉතා සරල ක්‍රමයකින් මුදල් හම්බ කරමින් ජිවත් වන්නට උත්සහා කරන මිස වෙන විකල්ප සඳහා යාමට ඔවුන් උත්සහා නොකරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *