වත්මන් රජයට ප්රජාතන්ත්රවාදී ක්‍රමවේද සහ ක්රමෝපායන් පිළිබඳ අවබෝධයක් නොමැති බැවින් සමස්ත ප්රජාතන්ත්රවාදී පද්ධතියම විනාශ කිරීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේදී සමගි නීතිඥ සංගමයේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා බලය බෙදීම සහ සංවරණ හා තුලන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බවත්, වත්මන් රජය එම ක්‍රියාවලියට හානි කරමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ සහ විවිධ පාර්ශ්ව සමඟ ප්‍රමාණවත් සාකච්ඡා ක්‍රියාවලියක් සිදු නොකළ බවටද ඔහු චෝදනා කළා. 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වී තිබෙනවා.
ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා ජාති, ආගම්, කුල හෝ පක්ෂ භේදයකින් තොරව ජනතාව එකමුතු විය යුතු බවත්, විධායකයේ වගවීම තහවුරු කිරීම සඳහා විවිධ මට්ටම්වල “ප්රජාතන්ත්රවාදී මණ්ඩප” ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා යෝජනා කළා.
















