27 April 2024
#දේශීය

පොහොට්ටුවේ නායකත්වය මහින්දට දෙනවා – මන්ත්‍රී කංචන

ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනය ලබන 11 වනදා පවත්වන බවත් එහිදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නිල හෙළිදරව්වක් කරන බවත් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා අද (01) පෙරවරුවේ පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ආගමික නායකයින් දක්වන අදහස් ප‍්‍රතික්ෂේප කරමින් ආගමික නායකයින්ට පහර පිට පහර දෙන්න පටන් අරගෙන තිබෙන බවයි.

ආණ්ඩුව විවේචනය කරන කලාකරුවන් ක‍්‍රීඩකයන් මහා සංඝරත්නය ආදී සෑම ක්ෂේත‍්‍රයකම පහර පිට පහර දෙන බව ඔහු කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *